2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් තිරසාර පරිසර හිතකාමී වැඩසටහන් ගණනාවක් සංවිධාන කර ඇති අතර, ඒ යටතේ සිදු කෙරුණු රුක්රෝපණ වැඩසටහන ආරම්භ කරමින්, පසුගියදා (25) කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයේ පොල් පැළ රෝපණය කිරීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණ.
මෙම රුක්රෝපණ වැඩසටහන් මාලාව යටතේ සියලුම නාවික විධාන ආවරණය වන පරිදි දිවයිනේ වෙරළ, කලපු සහ ගොඩබිම් ප්රදේශ තුළ, එම පරිසර පද්ධතීන්ට උචිත පැල රෝපණය කිරීම සිදු විය.
ඒ යටතේ පොල්,පේර,අඹ ,කුබුක්,දෙහි සහ කොහොඹ පැළ විශාල ප්රමාණයක් දිවයිනේ වෙරළ, කලපු සහ ගොඩබිම් ප්රදේශ ආවරණය වන පරිදි රෝපණය කිරීම සිදුකෙරිණ.
තව ද, ක්ලීන් ශ්රී ලංකා ජාතික වැඩසටහන ක්රියාවට නැංවීමේ, ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්රමුක පාර්ශ්වකරුවෙකු වශයෙන් කටයුතු කරනු ලබන ශ්රී ලංකා නාවික හමුදාව, මෙවැනි පරිසර හිතකාමී වැඩසටහන් ගණනාවක් ක්රියාවට නංවනු ලබයි.