Tuesday, November 11, 2025
Follow Us
Social and Equity

2024 පැරිස් පැරාලිම්පික් පිරිමි F 64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම සමිත දුලාන් දිනා ගන්නට සමත් විය.

Social and Equity

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත  අද (27) පෙරවරුවේ පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

Social and Equity
 
ස්ත්රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ පර්යේෂණ වාර්තාව පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය විසින් පසුගිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට පිළිගන්වන ලදී.
Social and Equity

යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා, වී ගබඩා 100ක් අව­ශ්‍ය­තා­වය පරිදි විවෘත කිරී­මට වී අලෙවි මණ්ඩ­ලය සැල­සුම් කර ඇතැයි වී අලෙවි මණ්ඩ­ලයේ සභා­පති නීතිඥ බුද්ධික ඉද්ද­ම­ල්ගොඩ මහතා පව­සයි.

Social and Equity

දියුණු ආර්ථිකයක් හිමි දකුණු කොරියාවේ ධිවර අංශයේ රැකියා සඳහා ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ට අවස්ථාව ලැබී තිබෙන අතර මෙලෙස අවස්ථාව ලැබූ 120 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගියදා කොරියාව බලා පිටත්ව ගිය බව, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Social and Equity

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ දින (2024 අගෝස්තු 24) ගාල්ල මහමෝදර සිට දඩැල්ල දක්වා සහ හම්බන්තොට නගර සීමාවේ වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරිණි.

Social and Equity

ශ්වසන රෝග හේතුවෙන් රෝහල් තුළ සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු බව අනාවරණය වේ.

Social and Equity

55 පාබල සේනාංකයේ භට පිරිස් විසින් ඉදිකරන ලද කිලිනොච්ච් CIMIC උද්‍යානය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විවෘත කරයි.

Social and Equity

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් වංචනික පිරිසක් ව්‍යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල් රැස් කරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එහි මධ්‍ය කමිටුව සඳහන් කළේ, කොළඹ, පානදුර, මීගමුව, වෙන්නප්පුව, මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවලින් එම පැමිණීලි ලැබී ඇති බවයි.

බදු වර්ගවලට අදාළ බදු මුදල් රැස් කිරීමේදි දේශීය ආදායම් නිලධාරීන් විසින් බදු ගෙවන්නන් වෙත ගොස් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම්වලට පමණක් බදු මුදල් තැන්පත් කිරීමට උපදෙස් දෙන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මුදල් හෝ චෙක්පත් එකතු කිරීමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදු කරන්නේ නැහැ.ඒ අනුව වංචනික පුද්ගලයින් වෙත මුදල් ලබා නොදන ලෙසත් ඔවුන් නීතියේ රැහැනට හසුකර දෙන ලෙසත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

දැනටමත් එවැනි වංචනිකයින්ට හසුවී ඇත්නම් ළඟම පොලිසියට දැනුම් දෙන්නැයි, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙයි

Aruna

Social and Equity

හමුදා සාමාජිකයින්ට ආහාර වේල් ලබාදීම වෙනුවට එම සලාක මුදල ලබන ජනවාරියේ සිට ඔවුන්ගේ මාසික වැටුපට එක් කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

එමෙන්ම ඔවුනට අවශ්‍ය ආහාර හමුදාවෙන්ම සහනදායී මිලකට ගැනීමට වැඩපිළිවෙළක්ද හඳුන්වා දෙන බව ඔහු සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ එම අමාත්‍යාංශයේදී අද (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය

මෙසේ කටයුතු කිරීමෙන් හමුදා සාමාජිකයින් ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වීම පමණක්  නොව මූල්‍ය විනිවිදභාවය සහ වගවීම වඩාත් තීව්‍ර වනු ඇතැයි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළේය.

මෙම නව තීරණයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පනස් පන්දහසකට පමණ සෙත සැලසෙනු ඇතැයි රජය විශ්වාස කරයි.

Social and Equity

වසර 11කට පසු ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයට සීමිත තරග විභාග යටතේ බඳවා ගත් නිලධාරීන් සඳහා පත්වීම් ප්‍රදානය පසුගියදා (20) සිදු කෙරිණ. 

Social and Equity

වාර්ෂිකව පවත්වන අනුරාධපුරයේ දැවැන්තම පොත් ප්‍රදර්ශනය වන අනුරපුර පොත් වසන්තය අද ආරම්භ කෙරිණි.

ඒ අනුව ඊයේ (22) සිට එළඹෙන 29 වන දා දක්වා අනුරාධපුර කීල්ස් සුපර් අසල ඇති ගොඩනැගිලි සංකීර්ණයේ දී ප්‍රදර්ශනය පැවැත්වේ. සිව්වන වරටත් පවත්වන මෙම ප්‍රදර්ශනය සදහා ශ්‍රී ලංකාවේ නම් දැරූ ග්‍රන්ථ ප්‍රකාශකයින් රැසක් එක්ව සිටී.

Social and Equity

තායිපේ සිටි කප් ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ දී ශ්‍රී ලාංකික යොවුන් බොක්සිං ක්‍රීඩකයින් රන් පදක්කම් 02 ක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන 08/27 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Social and Equity

ශ්‍රි ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපිඨ කඳවුර විසින් සංවිධානය කරනු  ලබන ගුවන් හමුදා “AERO BASH 2024” අධ්‍යාපනික හා තාක්ෂණික වෙළද ප්‍රදර්ශනය අදින් (26) අවසන් වේ. 

Social and Equity

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පේදුරු තුඩුවේ සිට නාවික සැතපුම් 447ක් පමණ (කිලෝ මීටර් 827ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ දී ආපදාවට ලක් වූ මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව් දෙනෙකු(04) කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ඉන්දීය ධීවර යාත්‍රාවක් මඟින් නිරුපද්‍රිතව මුදවා ගැනීමට කටයුතු කර ඇති බව, ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත  පසුගිය දා (21) වන දින දැනුම් දීමක් සිදු කර ඇත. 

Social and Equity

අගෝස්තු මස 30 වන දිනට යෙදී ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ජාත්‍යන්තර අතුරුදහන් වු තැනැත්තන්ගේ දිනය සැමරීම අද (28) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ  දී අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Social and Equity

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 05ක මිල ගණන් රුපියල් 4000කින් අඩු කිරීමට පියවර ගෙන ඇත.  

Social and Equity

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අවසානයේ සිය පළමු ඉනිමට පන්දුවට පහරදෙමින් සිටින එංගලන්ත කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 259ක් ලබා සිටියේඅය.