මාතර දිස්ත්රික්කයේ සුළු හා මධ්ය පරිමාණ අපනයනාභිමුඛ ව්යවසායකයින්, අපනයන වෙළඳපොළ වෙත ප්රවිෂ්ඨ කිරීමේ අරමුණින් මාතර දිස්ත්රික්කයේ සියලු ම ප්රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි අපයන ජංගම සේවා වැඩසටහන් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබේ.
ඒ අනුව දික්වැල්ල හා දෙවිනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් සදහා 2025 නොවැම්බර් 11 දින දික්වැල්ල ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේ දී ද, අකුරැස්ස හා අතුරලිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් සදහා 2025 නොවැම්බර් 14 දින පෝරඹ සණස එවර්වින් උත්සව ශාලාවේ දී ද, හක්මණ හා කිරින්ද - පුහුල්වැල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් සදහා 2025 නොවැම්බර් 18 දින හක්මණ ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේ දී ද, පිටබැද්දර හා කොටපොල ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් සදහා 2025 නොවැම්බර් 20 දින පිටබැද්දර ප්රාදේශීය සභා පරිශ්රයේ දී ද, මාතර කඩවත් සතර හා මාලිම්බඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් සදහා 2025 නොවැම්බර් 25 දින මාතර කඩවත් සතර ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේ දී ද, වැලිගම හා වැලිපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් සදහා 2025 නොවැම්බර් 27 දින වැලිගම ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේ දී ද, මුලටියන හා පස්ගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් සදහා 2025 දෙසැම්බර් 03 දින මුලටියන ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේ දී ද, තිහගොඩ හා කඹුරුපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් සදහා 2025 දෙසැම්බර් 03 දින තිහගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේ දී ද ජංගම සේවා වැඩසටහන් පැවැත්වේ.
මෙහි දී ව්යාපාර ලියාපදිංචිය, ව්යාපාර උපදේශනය, අපනයන ක්රියාවලිය, අපනයන වෙළඳ පොළ ප්රවේශය, අපනයන උපදේශනය, තත්ත්ව සහතික ලබා ගැනීම යනාදිය පිළිබඳව දැනුවත් කෙරේ.
මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලය හා මාතර දිස්ත්රික්කයේ සියලු ම ප්රාදේශීය ලේකම් කාර්යාල එක්ව මෙම ජංගම සේවා වැඩසටහන් සංවිධානය කරයි