කිසිදු නව නිපැයුමක් අත් නොහැරිය යුතු බවත් ඒවා ප්‍රවර්ධනය සඳහා වඩා සංවිධිත ජාලයක් අවශ්‍ය බැවින් එම ජාලය ගොඩනැගීමට කටයුතු කරන බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පැවසීය.
ඹහු මේ බව ප්‍රකාශ කළේ කෘත්‍රිම බුද්ධිය තාක්ෂණය උපයෝගී කරගනිමින් රොබෝ යන්ත්‍රයක් නිපද වූ අනුරධපුර කටුකැලියාව විද්‍යාදීප මහා විද්‍යාලයේ සසිරු නිම්නාල් හා රමිරු නිම්නාත් යන නිවුන් පාසල් සිසුන් දෙදෙනා ඇගයීම වෙනුවෙන් ඊයේ (30) විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ පැවති හමුවේදීය.
මෙම රෝබෝ යන්ත්‍රය තව දුරටත් සංවර්ධනය කිරීම ඇතුළු එම දරුවන්ගේ අනාගත සැලසුම් වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මගින් ලබාදිය හැකි සහයෝගය සහ මගපෙන්වීම පිළිබඳව සොයා බැලීම මෙම හමුවේ අරමුණ විය.
 
     