හෙද අනුස්ථාපන හා සමායෝජන සය මාසික පුහුණු පාඨමාලාව සඳහා විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 700 දෙනෙකු සඳහා බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) ශ්‍රී ලංකා ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
එහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කළ අතර, ඒ මහතා කියා සිටියේ මෑත කාලයේ වැඩිම පිරිසක් හෙද සේවාවට ඇතුළත් කර ගනිමින් මෙම වසරේ හෙද සේවාවට 4,141 ක හෙද නිලධාරි සහ නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමට කටයුතු කර ඇති බවයි.
තවත් 2600 ක පිරිසක් ඉදිරියේ දී හෙද සේවාවට එක්වීමට නියමිත බව ද අද වන විට 43,500 ක පමණ මානව සම්පතක් මෙරට හෙද සේවාව සතු වන බව මෙහිදි අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය සේවය වඩාත් ශක්තිමත් කරමින් පහසුකම් වැඩි කළ යුගයක හා සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක පරිවර්ථනයක් සිදු කළ යුගයක මෙම පිරිස හෙද සේවාව සඳහා ඇතුළත් වන බවත්, මාස 06 ක පුහුණුව සාර්ථකව නිම කළ පසු රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම් ලැබීමට මෙම පිරිසට අවස්ථාව ලැබෙන බවද පැවසූ අමාත්‍යවරයා පවතින නීති රීතිවලට අනුකූලව, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව සහිතව සෞඛ්‍ය සේවාවේ බඳවා ගැනීම් සිදු කිරීමට පියවර ගන්නා බවද පැවැසීය.
2027 සහ 2018 අනුමත කාර්ය මණ්ඩල අනුව තවමත් බඳවාගැනීම් සිදු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා හෙද සේවාවේ සැලකිය යුතු පුරප්පාඩු ප්‍රමාණයක් පවතින බවත්, බඳවා ගැනීම් තවත් කඩිනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බවද 2025 වසරේ හෙද උපාධිධාරීන් 825 ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
සෞඛ්‍ය සේවාව සඳහා ද නවීන තාක්ෂණය මුසු කරන බවත්, සෑම රෝගියෙකුටම පුරවැසියෙකුම එම E –Health සේවාවට ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ජාතික විශ්ව විද්‍යාල මගින් විද්‍යාවේදී හෙද උපාධිය සම්පූර්ණ කරන ලද උපාධිධාරීන් ශ්‍රී ලංකා හෙද සේවා ව්‍යවස්ථාවට අනුව හෙද අනුස්ථාපන හා සමායෝජන සය මාසික පුහුණු පාඨමාලාව සඳහා බඳවා ගැනීම සිදු කරනු ලබන අතර, එම පාඨමාලාව සාර්ථකව නිම කරන හෙද උපාධිධාරීන් රෝහල් තුළ පවතින පුරප්පාඩු ප්‍රමාණය සහ සේවා අවශ්‍යතාවය පිළිබඳව සළකා බලා III ශ්‍රේණියේ උපාධිධාරී හෙද නිලධාරීන් ලෙස සේවයට බඳවා ගැනීමට හැකියාව ලැබේ.
මින් පෙර අවසන්වරට මේ ආකාරයට හෙද උපාධිධාරීන් හෙද අනුස්ථාපන හා සමායෝජන පුහුණුව වෙත බඳවා ගනු ලැබුවේ 2021 වසරේදී වන අතර, බඳවා ගැනීමට අවශ්‍ය අනුමැතිය භාණ්ඩාගාරය වෙතින් නොලැබීම හේතුවෙන් 2021 වසරේ සිට 2025 වසර දක්වා බඳවා ගැනීම් ක්‍රියාවලිය නතරව තිබු අතර, මෙම වසරේ දී (2025) නැවතත් හෙද උපාධිධාරින් 825 ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය හිමි වීමත් සමග වසර 04 කට පසු මෙම බඳවා ගැනීම සිදු කරනු ලැබීය.
පුහුණුවට බඳවා ගැනීමට ඉල්ලුම්පත් කැඳවීම සඳහා පළ කරන ලද ගැසට් නිවේදනයට අනුව සම්මුඛ පරීක්ෂණයන්ට භාජනය කර ඉන් සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන් 700 දෙනෙක් සඳහා මෙවර පුහුණුවට පත්වීම් ලිපි ප්‍රධානය කිරිමට නියමිත වේ.
මෙම අද දින පත්වීම් ලත් සුදුසුකම්ලාභීන් තමන්ගේ පත්වීම් ලිපිය ප්‍රකාරව අදාළ හෙද විදුහල වෙත 2025.11.06 දින වාර්තා කර ලියාපදිංචිය ලබාගත යුතු අතර, ඉන් අනතුරුව දිවයින පුරා පවතින රෝහල් 31 ක් වෙත ප්‍රායෝගික පුහුණුව සඳහා යොමු කෙරෙන අතර, පුහුණුව සාර්ථකව නිම කරනු ලබන හෙද උපාධිධාරීන් දිවයින පුරා පවතින රෝහල් වල ඇති හෙද පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා හෙද සේවයට බඳවා ගැනීමට නියමිත වේ.