Monday, October 27, 2025
Follow Us
පෞරාණික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම්
සංචාරක ආකර්ෂණය ලබා ගත හැකි ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්යාපෘතියට අදාළ ප්රගතිය පිළිබඳවත්, සොයා බැලේ

වසර 130 ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය ලබා ගත හැකි ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්

තැපැල් දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, පුරාවිද්යා දෙපාර්තමේන්තුව, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා නාවික හමුදාව සහ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංය යන අමාත්යාංශ සහ දෙපාර්තුමේන්තු නියෝජනය කරමින් නිලධාරීන් මෙම විශේෂ සාකච්ජාව සදහා එක්ව සිටියහ.
 
ඒ අනුව දැනට අබලන් තත්ත්වයේ පවතින නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගින්ලේ වහලය කඩිනමින් ප්රතිසංස්කරණය කිරීම පිළිබදව මෙම සාකච්ජාවේදී පුළුල්ව සලකා බලන ලදී. දැනට වැස්සට තෙමෙමින් පැවතීම පිළිබඳවත්, මේ හේතුවෙන් තැපැල් සේවකයන් පාරිභෝගිකයන් මෙන්ම තැපැල් කාර්යාලය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් අපහසුතාවයට පත්වීම මඟහැරවීම සඳහා ප්රථමයෙන් වහළය ප්රතිසංස්කරණය කිරීම් තීරණය විය. එමෙන්ම පෞරාණිකත්වය ආරක්ෂාවන පරිදි ඉතා කඩිනම්න් අනෙකුත් ප්රතිසංස්කරණ කටයුතු සිදු කිරීම පිළිබඳව මෙහි දී සාකච්ඡාවට ලක්කෙරුණි.
 
අදාළ ප්රතිසංකරණ කටයුතු ඇරඹීමේ මූලික පියවරක් ලෙස එම කාර්යයට සුදුසුම සැලසුම් ශීල්පීන් තෝරා ගැනීම පිළිබදව මෙහි දී අවධානය යොමුවිය.
 
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී නිලධාරීන්ට පෙන්වා දෙන ලද්දේ ප්රතිසංස්කරණ කටයුතුවලට අදාළ මූලික සැලසුම් සකස් කරමින් ඉතා කඩිනමින් ප්රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට පියවර ගන්නා ලෙසයි.