දඬුවම් දීම පිළිබඳ පනත පාසල් හෝ ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වූ නීතියක් නොවන බවත් සමස්ත සමාජයේ ම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ සංශෝධනයක් බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවා ය.
සමස්ත ලංකා කිරි නිෂ්පාදකවරුන්ගේ සංගමය (AIDA) මඟින් සංවිධානය කර තිබූ විශේෂ සාකච්ඡාවක් නවම් මාවතේ පිහිටි Ceylon Chamber Conference හිදි පැවති අතර, ඒ සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා ඊයේ (24) දින සහභාගී විය.
ඔක්තෝබර් 01 වැනිද මෙතෙක් සමරමින් තිබුණු ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් මෙම වසරේ ළමා දිනය වෙනුවෙන් ජාතික සතියක් (සැප්තැම්බර් 26 වනදා සිට ඔක්තෝබර් 01 වනදා දක්වා ) ප්‍රකාශයට පත්කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනසහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව පළාත් පාලන ආයතනවල ඝන අපද්‍රව්‍ය නැවත භාවිතයට ගත හැකි ද්‍රව්‍ය බවට පරිවර්තනය කිරීමේ පහසුකම් සැලසීම වෙනුවෙන් ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇත.
හින්දු ආගමික උපදේශක මණ්ඩලයේ දෙවැනි රැස්වීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වන ලදි.
මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ප්‍රවීන රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල මහතා අද (23) උදෑසන 5.45ට පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.
සෑම ප්‍රජාවකටම සංස්කෘතික ජීවිතය,පෞද්ගලික ජීවිතය, දේශපාලනික ජීවිතය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකිවන පරිදි ප්‍රතිපත්ති සැලසුම් කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි සම්පත් මනම්පේරි නමැත්තා අද (23) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වලස්මුල්ල මහෙස්ත්‍රාත් නියෝග කර තිබේ.
රුහුණු මහා කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස තිළිණ මධුසංඛ අබේරත්න මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.
Page 49 of 768