විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් (SLBFE) පසුගිය වසර කීපය තුල නිකුත් කරන ලද සභාපති චක්‍රලේඛ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස උපදෙස් දී ඇත.
පසුගිය 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල විසින් ආරම්භ කර තිබෙන අතර, ඒ අනුව උතුරු පළාතේ 2023 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් ඇගයීම ඊයේ (22) පෙරවරුවේ ඉරණමඩු නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් (SLBFE) පසුගිය වසර කීපය තුල නිකුත් කරන ලද සභාපති චක්‍රලේඛ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස උපදෙස් දී ඇත.
ආහාර නාස්තිය අවම කිරීම සහ ආහාර පිළිබඳ පවතින අනාරක්ෂිත බව අවම කිරීම කාලීන අවශ්‍යතාවක් බව ග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
2025 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය ජූලි මස 25 වෙනි දා පුරාණ චාරිත්‍රානුකූලව කප් සිටුවීමෙන් පසු එළඹෙන ජූලි 30 වෙනි දා සිට අගෝස්තු 09 වෙනි දිනය දක්වා පැවැත්වීමට නියමිතයි. පසුගියදා (19) ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ හමුවකදී මේ බව දියවඩන නිලමේතුමන් විසින් නිල වශයෙන් ප්‍රකාශයයට පත් කරන ලදී.
වන ජීවීන්ගෙන් ආහාර නිෂ්පාදනයට (කෘෂිකර්මාන්ත හා වැවිලි අංශය) සිදුවන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය හා පාලනය සඳහා තිරසර විසඳුම් සෙවීම හා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, රජයේ නිලධාරින්ගෙන් සහ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර, එහි පළමු රැස්වීම ඊයේ (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
සියලු පාසල් ආවරණය වන පරිදි මානව සහ භෞතික සම්පත් බෙදීයාම සහතික වන ලෙස ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේද හදුන්වා දිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
"පුනරුදයට මඟ" ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය මෙම ව්‍යාපෘතිය යටතේ, නුවර දිගන ප්‍රධාන මාර්ගයේ සිට මල්ගහමුල මංසන්ධිය දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු ඊයේ (21) ආරම්භ වූ අතර මේ සඳහා රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කර ඇත.
මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනා හා බෑණා අත්අඩංගුවට ගෙන ඇත.
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ඇති කිරීමේ අරමුණින් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ආරම්භ කෙරුණු “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ 2025 මූල්‍ය වර්ෂයට අදාළව නව ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇත.
මුදල් හෝ බලය මත ජීවය මැරුණු සමාජයට බෞද්ධ දර්ශනය තුළින් අධ්‍යාත්මික ජීවය ලබා දිය හැකියි - ජනපති
කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවත්සර සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද (21) පස්වරුවේ පැවැත්විණි.
එළඹෙන කතරගම වන්දනා සමය නිමිත්තෙන් යාපනය සිට කතරගම පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ට පොලිතීන් භාවිතයෙන් තොරව වන්දනා ගමන සිදු කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා උපදෙස් ලබා දී ඇත.
පරිසර අමාත්‍යංශයේ ඊයේ (18) දී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
පාද යාත්‍රාව එළබෙන 20 වෙනිදා ආරම්භ වීමට නියමිත අතර කතරගම පූජා භුමිය වන්දනා කිරීමට මෙම වසරේ පාද යාත්‍රාවෙන් 30,000 කට අධික බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙතැයි අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම පාද යාත්‍රාව පරිසර හිතකාමී ලෙස සිදු කිරීම සඳහා පරිසර අමාත්‍යංශය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් වෙමින් කටයුතු කරනු ලබයි.
පසුගිය වසරවලදී පැවති පාද යාත්‍රාවන් හේතුවෙන් එකතු වන කැලි කසලවලින් වනෝද්‍යාන සහ වන සතුන් ඇතුළු ජෛව පද්ධතීන්ට තර්ජනයක් එල්ල වූ බවත් කැලි කසල විශාල ප්‍රමාණයක් එක් රැස්වීම හේතුවෙන් පරිසර පද්ධතියට හානියක් සිදු වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
යාපනයේ සිට යාල සහ කුමන වනෝද්‍යාන හරහා කතරගම දක්වා සිදු කරන සංස්කෘතික පා ගමන පරිසර හිතකාමි අයුරින් පමණක් සිදු කරන ලෙසත් පරිසර පද්ධතියට සහ වනෝද්‍යානවල වෙසෙන වන සතුන්ගේ ක්‍රියාකාරකම්වලට බාධා නොවන අයුරින් හැසිරෙන ලෙසත් අමත්‍යවරයා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය.
අධ්යාපන අමත්‍යංශය වාර්ෂිකව සංවිධාන කරන ජාතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ පළාත් හා ජාතික සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (20) අධ්‍යාපන අමාත්‍යංශයේ දී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති, Culinary Art Food Expo 2025 ප්‍රදර්ශනයෙන් පලතුරු හා එළවළු කැටයම් අංශයෙන් (Fruits and Vegetable Carving) රන් පදක්කමක් සහ අයිස් කැටයම් (Ice carving) අංශයෙන් රදී පදක්කමක් දිනාගැනීමට ප්‍රධාන සුළු නිලධාරී (නාපා) ඩබ්පීඒ සුබසිංහ සමත් විය.
Page 50 of 755