Tuesday, October 07, 2025
Follow Us
නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන 3ක්

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා නව මධ්‍යස්ථාන තුනක් 2025 වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, මාතර කුරුණෑගල හා මඩකලපුව ප්‍රදේශවල එම පුනරුත්තාපන මධ්‍යස්ථාන ඉදිකරන බවයි. 

එම පුනරුත්තාපන මධ්‍යස්ථාන වල පුද්ගලයින් 120 දෙනෙකුට පමණ ප්‍රතිකාර ලබා දීමේ හැකියාව පවතී. 

මේ අතර මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ අවුරුදු 21 ට අඩු දරුවන් සදහා පුනරුත්තාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. 

එය ලබන වසරේ පළමු මාසය වන විට ආරම්භ කිරීමට නියමිත බව ද වාර්තා වෙයි.