Friday, October 03, 2025
Follow Us
මොර­ටුව විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය සිසුන්ට දර්ගා නග­රයේ ප්‍රාදේ­ශීය රෝහ­ලෙන් සාය­නික දැනුම

මොර­ටුව විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය සිසුන්ට සාය­නික දැනුම ලබා­ගැ­නීම සඳහා දර්ගා නග­රයේ ප්‍රාදේ­ශීය රෝහලේ සංව­ර්ධ­නය හේතු වන බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැවැ­සීය.

මේ වන විට විශ්ව­වි­ද්‍යා­ලයේ සිසුන්ට සාය­නික පුහු­ණුව සඳහා කායික සහ ශල්‍ය රෝග මහා­චාර්ය ඒකක ඇතුළු ඒකක කළු­තර ශික්ෂණ රෝහලේ ආරම්භ කිරී­මට පිය­වර ගෙන ඇති බවත් එම සිසුන්ට දර්ගා ප්‍රාදේ­ශීය රෝහල ඇතුළු අවට රෝහ­ල්වල පහ­සු­කම් උප­යෝගී කර­ගෙන සිය අධ්‍යා­ප­නික දැනුම ලබා ගත හැකි බවත් ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

චීන රජයේ ආධාර යටතේ තෝරා­ගත් රෝහල් 13ක සෞඛ්‍ය පහ­සු­කම් වැඩි­දි­යුණු කිරීමේ ව්‍යාපෘ­තිය යටතේ රුපි­යල් බිලි­ය­න­යක විය­ද­මින් දර්ගා නග­රය ප්‍රාදේ­ශීය රෝහලේ ඉදි කළ තෙම­හල් නව කායික රෝග වාට්ටු සංකී­ර්ණය ජනතා අයි­ති­යට පව­ර­මින් ඇමැ­ති­ව­රයා පසු­ගි­යදා (29) මේ බව ප්‍රකාශ කළේය.

මහල් 03කින් සම­න්විත මෙම ගොඩ­නැ­ඟිලි සංකී­ර්ණය තුළ ඇඳන් 04කින් යුක්ත හදිසි ප්‍රති­කාර ඒක­ක­යක්, ඇඳන් 96කින් සම­න්විත ළමා සහ මාතෘ වාට්ටු ද ඇතුළු වාට්ටු 04කින් ද බාහිර රෝගී අංශය ඇතුළු අංශ ගණ­නා­ව­කින් ද සම­න්විත වන අතර මෙම කායික රෝග වාට්ටු සංකී­ර්ණ­යට අවශ්‍ය වෛද්‍ය උප­ක­රණ සහ අනෙ­කුත් උප­ක­රණ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය මඟින් ලබා දීමට ද නිය­මි­තය.

තෙම­හල් නව කායික රෝග වාට්ටු සංකී­ර්ණය විවෘත කිරී­මෙන් පසු සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍ය­ව­රයා අතින් හදිසි ප්‍රති­කාර ඒක­කයේ පළමු රෝගියා ලියා­ප­දිං­චිය ද සිදු කළ අතර, නව වාට්ටු සංකී­ර්ණය මෙන්ම මහත් දුෂ්ක­රතා මධ්‍යයේ රෝගී ප්‍රති­කාර සේවා මෙතෙක් සේවා පව­ත්වා­ගෙන ඒමට කට­යුතු කළ ස්ථාන සහ අංශ­යන් ද අමා­ත්‍ය­ව­රයා සිය නිරී­ක්ෂ­ණ­යට ද ලක්කෙ­රිණි.

වසර 70ක පමණ අතී­ත­ය­කට හිමි­කම් කියන දර්ගා නග­රයේ ප්‍රාදේ­ශීය රෝහ­ලට චීන මහ­ජන සමූ­හා­ණ්ඩුවේ ආධාර යටතේ ලැබුණු පහ­සු­කම් සහිත අත්‍ය­වශ්‍ය ගොඩ­නැ­ඟි­ල්ලක් ලෙස මෙම තෙම­හල් නව කායික රෝග වාට්ටු සංකී­ර්ණය පෙන්වා දිය හැකි බව ඇමැ­ති­ව­රයා කියා සිටි­යේය.

දර්ගා නග­රයේ ප්‍රාදේ­ශීය රෝහලේ දැනට තිබෙන පහ­සු­කම් භාවිත කර­මින් මහ­ජ­න­තා­වට උප­රිම සේවා­වක් ලබා­දී­මට කට­යුතු කරන බවත්, රෝහ­ලට අවශ්‍ය මානව සම්පත ශක්ති­මත් කර­මින් විශේ­ෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩල ඉදි­රියේ දී ක්‍රමා­නු­කූ­ලව ලබා­දී­මට පිය­වර ගන්නා අතර වෛද්‍ය සංකී­ර්ණය සඳහා අවශ්‍ය වෛද්‍ය උප­ක­රණ සඳහා රුපි­යල් මිලි­යන 50ක මුද­ලක් වෙන් කරන බවත් ඇමැ­ති­ව­රයා පැවැ­සීය.

ඉදි­රියේ දී සෞඛ්‍ය සේවාවේ සුවි­ශාල පෙර­ළි­යක් සිදු වන බවත්, රටේ ආර්ථී­කය ශක්ති­මත් වන, ස්ථාවර වන අව­ස්ථාවේ සියලු සෞඛ්‍ය පහ­සු­කම් ජන­තා­වට ලබා­දී­මට කට­යුතු කරන බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

ලෝකයේ ඉහළ පිළි­ගැ­නී­මක් ශ්‍රී ලංකා­වට මේ වන විට හිමිව ඇති බවත්, ලෝකයේ බොහෝ රට­වල් ශ්‍රී ලංකා රජය සමඟ සුහ­ද­ශීලි ගනු­දෙනු සඳහා අව­තීර්ණ වී ඇති අතර රට පිළි­බඳ වූ යහ­පත් ප්‍රති­රූ­පය ඉහළ නැඟෙ­මින් තිබෙන බවත් ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

කළු­තර ජාතික සෞඛ්‍ය විද්‍යා­ය­ත­නය (NIHS) මඟින් පාල­නය වන දර්ගා නග­රය ප්‍රාදේ­ශීය රෝහලේ මෙතෙක් ගොඩ­නැ­ඟිලි අව­ශ්‍ය­තාව දැඩිව පැන­නැඟී තිබූ අතර, ඊට පිළි­ය­මක් ලෙස වර්ග අඩි 38,400ක වප­ස­රි­යක පිහි­ටු­වන ලද මෙම නව තෙම­හල් ගොඩ­නැ­ඟිලි සංකී­ර්ණ­යත් සමඟ අදාළ අව­ශ්‍ය­තාව සම්පූර්ණ වේ. කළු­තර සහ බේරු­වල රෝහ­ල්වල රෝගී තද­බ­දය අවම කර­මින් කළු­තර දිස්ත්‍රි­ක්කයේ ප්‍රති­කාර සේවා ශක්ති­මත් කිරී­මට ද මෙම සංව­ර්ධන කට­යුතු ඉව­හල් වේ.

චීන රජයේ ආධාර ව්‍යාපෘ­තිය යටතේ බේරු­වල දර්ගා නග­රය ප්‍රාදේ­ශීය රෝහල, අලු­ත්ගම රෝහල, සම­න්තු­රෙයි රෝහල, එරා­වූර්, පොතු­විල්, කරා­පි­ටිය, පොලො­න්න­රුව, පද­විය, වල­ස්මුල්ල, කල­වාන, මහි­යං­ගණ, රිකි­ල්ල­ග­ස්කඩ යනාදී රෝහල් සංව­ර්ධ­නය කිරී­මට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය සැල­සුම් කර ඇත.

මෙම අව­ස්ථා­වට කළු­තර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටි­ආ­රච්චි, ජාතික සෞඛ්‍ය විද්‍යා­ය­ත­නයේ අධ්‍යක්ෂ කේ. නන්ද­කු­මා­රන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේ­ෂඥ වෛද්‍ය චරිත් හෙට්ටි­ආ­රච්චි, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේක­ම්ව­රුන් වන විශේ­ෂඥ වෛද්‍ය කුමාර වික්‍ර­ම­සිංහ, සුනිල් ගල­ගම, ප්‍රභා­දීප යෝග­චන්ද්‍ර, කළු­තර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මධු­භා­ෂිනී කරු­ණා­රත්න, දර්ගා නග­රය ප්‍රාදේ­ශීය රෝහලේ කාර්ය­භාර වෛද්‍ය නිල­ධාරි එන්.පී. රණ­තුංග, මෙරට චීන තානා­පති කාර්යා­ලය නියෝ­ජ­නය කර­මින් චෑන් යාංග් මහත්ම මහ­ත්මීන් ඇතුළු නියෝ­ජිත පිරි­සක් සහ විශේ­ෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද එක්ව සිටි­යහ.