Wednesday, October 15, 2025
Follow Us
අස්වැසුම ඔක්තෝබර් දීමනාව අද බැංකු ගිණුම්වලට

අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝබර් මස ප්‍රතිලාභී දීමනාව අද (15) ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ අනුව රුපියල් 11,223,838,750.00ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,415,016ක් අතරේ බෙදා හැරීමට නියමිතය.