Monday, October 13, 2025
Follow Us
රිවස්ටන් කුළුණ ආශ්‍රිත ප්‍රදේශයේ පරිසර හිතකාමී රථ ගාලක් ඉදිකිරීම ඇරඹෙයි
මාතලේ රිවස්ටන් සංචාරක කලාපයේ රිවස්ටන් කුළුණ ආශ්රිත ප්රදේශයේ පරිසර හිතකාමී රථ ගාලක් ඉදිකිරීම මාතලේ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් හේමන්ත මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා ආරම්භ විය.

 

මධ්යම පළාත් වෙළද වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 4ක් මේ සදහා වැය කිරිමට නියමිතය.
 
සති අන්තයේ දිනවල දි දෙස් විදෙස් සංචාරකයින් රැසක් මෙම ස්ථානයට පැමිණිම නිසා ඇතිවන අධික වාහන තදබදයට පිළියමක් වශයෙන් හා මෙම ස්ථානයේ පස සේදීයාම වලක්වා ගැනීමේ අරමුණින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොන්දේසි හා නියාමනයන්ට යටත්ව වාහන ගාල් කිරිම සදහා ස්ථානයක් සකස් කිරීම මෙහි දී සිදුකෙරේ.
 
මෙම ව්යාපෘතියට සමගාමිව මෙම ස්ථානයේ ඇති ටිකට් කවුන්ටරය හා පිවිසුම් ගේට්ටුව අලුත් වැඩියා කිරීමට ද නියමිතය සමස්තයක් වශයෙන් මෙම ස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිිලියන 10ක මුදලක් වැය කිරීමට නියමිතය.