ශ්‍රී ලංකා දුම්රිය සේවයේ අධීක්ෂණ කළමණාකාර තුන්වන ශ්රේණිය තනතුර සඳහා වෘත්තිකයන් 98 ක් බඳවාගැනීමේ උත්සවය වැඩබලන ප්රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය, ප්රසන්න ගුණසේන මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ(13) පැවැත්විණි.
"දුම්රිය දෙපාර්තමේන්තුව අප බලාපොරොත්තුවන තැනට ඉදිරියට ගෙනයාමට අවැසි වැදගත්ම සාධකය තමයි මානව සම්පත. ඉදිරියේදීත් අපි හැකි ඉක්මනින් පුරප්පාඩු සඳහා බඳවාගැනීම් සිදුකරනවා" යැයි එහිදී අමාත්යවයරයා සඳහන් කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්රමාණාත්මක වර්ධනය තුළින්, ගුණාත්මක වර්ධනයක් සිදුකළ හැක්කේත්, එහි වෘත්තිකයන්ටම පමණයි. දුම්රිය දෙපාර්තමෙන්තුව කියන්නේ නිදාගෙන සිටින යෝධයෙක් වගේ. මෙය වෙනම ආකාරයේ ආයතනයක්. මේක උඩට ගන්න එක ලේසි නෑ. නමුත් ප්රවාහන ක්ෂේත්රය දියුණූ කරන්නනම්, අපි අනිවාර්යයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව ඉහළට ගතයුතුයි" යැයි ද අමාත්යවරයා එහිදී අවධාරණය කළේය.