වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය ඊයේ (19) සිදු කළ වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව එම කොට්ඨාස වැටලීම් ඒකකය නිලධාරීන් කණ්ඩායමක් විසින් වව්නියාව ඩිපෝව අසලදී කැබ් රථයකින් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කරවල තොගයක් තුළ සඟවාගෙන ප්‍රවාහනය කරමින් තිබූ මත් කරල් 359,000ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වව්නියාව පොලිස් ස්ථානය වෙත වාර්තා කර තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශනය කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.