Sunday, February 08, 2026
Follow Us
හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලී දිනය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලී දිනය අදට (20) යෙදී තිබේ.

 අයහපත හා අවිද්‍යාව නමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් දල්වා තම හදවතත්, නිවසත්, කෝවිලත් ආලෝකවත් කරමින් ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උලෙළ සමරයි.

 වසර 35,000ක් පමණ පැරණි දීපාවලී සැමරුම වටා බැඳුණු පුරාවෘත්ත රැසක් පවතියි.

 විෂ්ණු දෙවියන්, නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් දීපාවලී උත්සවය සමරනු ලබන බව මේ අතරින් වඩාත් ප්‍රකට කතා පුවතයි.