Wednesday, October 22, 2025
Follow Us
විමල්ට එරෙහි නඩුවක් විභාගයට දින දෙයි

2010 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ රජයේ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් අත්පත් කරගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලැබ අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව එළැඹෙන දෙසැම්බර් 18වනදා සහ ජනවාරි 20වනදා යන දිනවල විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (22) දින නියම කර තිබෙන බව වාර්තා වෙයි.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව විත්තිය වෙත ලබාදිය යුතු ලේඛන සියල්ල මේ වනවිට ලබාදී තිබෙන බව සඳහන් කළේය.