පළාත් සභා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ ඉදිකළ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යා කරන අළුපොත පාළම වැඩ අවසන්කර ජනතා අයිතියට පත් කිරීම පසුගියදා (17) පළාත් සභා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන යටතේ අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ දී කැණිම් කටයුතු පසුගියදා ආරම්භ කෙරිණ. 134 වැනි පුරාවිද්‍යා දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන, අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ දී පැවති අතර බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ද මෙම අවස්ථාවට එක්විණි.
සම්බුදු සසුන සුරක්ෂිත කරමින් ඉදිරියට ගෙන යාමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව රජය වෙත පැවරී ඇති වගකීම නිසි ලෙස ඉටු කිරීමේ දී මහා සංඝරත්නය සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ ස්ථාපිත කෙරුණු භික්ෂු සම්බන්ධීකරණ ඒකකය තෛන්‍රිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සහභාගිත්වයෙන් අද (17) පෙරවරුවේ විවෘත කෙරිනි.
ඵෙතිහාසික සෝමාවතී රජ මහා විහාරස්ථාන පුද බිමේ “ නව පර්යන්ත රෝහලක් ” ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඊට අදාළව විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) සෝමාවතිය රජ මහා විහාරයේ විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සෝමාවතී රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
පාසලේ සේවයට වාර්තාකර උපකාරක පංතියක සිසුන් පිරිසකට මුදලට ඉගෙන්විමට ගිය අනුරාධපුර, පාසලක උසස් පෙළ සිසුන් සදහා සංයුක්ත ගණිතය ඉගැන්වු ගුරුවරයෙකුගේ වැඩ තහනම් කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් මහතා පැවසිය.
උතුරු පළාත ජාතික ආර්ථිකයේ වැඩි කොටසකට එක් කර ගැනීම ජනාධිපතිතුමාගේ මූලික එක් අරමුණකි.
පසුගිය වසරේදී එච්.අයි.වී ඒඩ්ස් රෝගය වැලඳුන ළමුන් 40 දෙනෙකු හඳුනාගැනීමට හැකිවූ බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසයි.
The High Commission of Sri Lanka in London, in collaboration with the Colombo Port City Economic Commission (CPEC) and the CHEC Port City Colombo Ltd., proudly and ceremoniously unveiled a detailed replica of the Colombo Port City on 12 July, showcasing the ambitious and transformative project that is set to redefine Sri Lanka’s economic landscape.
මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි අගෝස්තු මස 22 දා සිට 25 දා දක්වා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තිරණය කර ඇත.
ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදට(20) යෙදී තිබේ
යුක්තිය මෙහෙයුම යටතේ 2023 වර්ෂයේ දෙසැම්බර් මස 17 වැනිදා සිට මේ දක්වා රුපියල් බිලියන 19ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
ලෝක බැංකුව ණය ආධාර යටතේ ක්‍රියාත්මක අන්තර්ගතිකව සම්බන්ධිත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන ලද මඩකලපුව - කුම්පුරුමුලයි වෙරළ මාර්ගය ජනතා අයිතියට පත් කිරීම ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (13) සිදු කෙරිණි.
වැසි සහිත කාලගුණික අවස්ථාවන් හි දී නිල්වලා ගඟේ ලවණ බාධකය නිසා ඇති වන ගංවතුර තත්ත්වයන් හේතුවෙන් නිල්වලා ගඟ අවට කුඹුරු හෙක්ටයාර් 4000ක් පමණ නිරන්තරයෙන් ජලයෙන් යටවී හානියට පත් වන බවත් මේ හේතුවෙන් සිදුවන වගා හානි පිළිබඳව ගොවීහු විශාල පිරිසක් තමන්ට පැමිණිළි ඉදිරිපත් කර ඇති බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
රට තුළ ඉමහත් ආන්දෝලනයක් ඇති කළ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේදී, සැකකරුවන් දෙදෙනෙකු හැර ඊට අදාළ අනෙකුත් සියලු දෙනා අත්අඩංගුවට ගෙන අවසන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් මහතා පවසයි.
ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට සීමිත බඳවා ගැනීම් යටතේ මෙතෙක් එම දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරින් 22ක් ගොවිජන සංවර්ධන නිලධාරින් ලෙස බඳවා ගැනීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මවුකිරි දීමේ වැදගත්කම පිළිබඳ සලකා බලමින් ප්‍රසූත නිවාඩු සම්බන්ධව මතුව ඇති ගැටලු අමාත්‍යංශ මට්ටමෙන් සාකච්ඡා කර විසඳන බවත් සෑම දෙනාටම සමාන මාතෘ නිවාඩු ලබාදීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය පවසයි.
කැනඩාවේ රැකියා දීමට මිලියන ගණන් වංචා කළ බොරැල්ලේ පිහිටා තිබූ හොර ඒජන්සිය වටලා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු සහ කොන්දොස්තර තනතුරු සඳහා බදවාගත් 370ක පිරිසක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණ.
Page 41 of 715