Social and Equity
සීට් බෙල්ට් පැළඳීම මගින් ජීවිත ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලට මගීන් කැමැත්ත ප්‍රකාශ කරන බව මාකුඹුර අධිවේගී මාර්ග පිවිසුමේ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. සීට් බෙල්ට් නීතිය සම්බන්ධයෙන්, ස්ථාන කිහිපයක දී මගීන් සමග අමාත්‍යවරයා අදහස් හුවමාරු කරගත්තේ ය.
මාර්ග ආරක්ෂාව තහවුරු කරමින් ජීවිත ආරක්ෂා කිරීම රජයේ අරමුණයි. ඒ සඳහා වූ වැඩපිළිවෙළ අදියර කිහිපයකින් ක්‍රියාවට නැංවෙයි. ශ්‍රී ලංකාවේ රිය අනතුරුවලින් වැඩි මරණ සංඛ්‍යාවක් සිදු වන්නේ යතුරුපැදි අනතුරට ලක්වීමෙනි. ඒ නිසා හෙල්මට්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් නව ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානමින් සිටී. හෙල්මට් නිෂ්පාදකයන් සහ ආනයනකරුවන් සමග ඉදිරියේ දී සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා පවසයි.
මාර්ග ආරක්ෂාව තහවුරු කරමින් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළ ආදරයෙන් සහ අවබෝධයෙන් යුතුව ක්‍රියාවට නංවන බවටද අමාත්‍යවරයා සහතික වූයේ රියදුරන් සහ මගීන් වෙත දැනුවත් කිරීමේ අත් පත්‍රිකා බෙදා දීමෙන් පසුවයි.
-
Details
-
Social and Equity
විශ්වවිද්‍යාල පද්ධතියේ සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවක වදය, හිංසනය හා සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීමට අවශ්‍ය නිර්දේශ සහ කටයුතු සම්පාදනය කරන ලෙස අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
-
Details
-
Social and Equity
බලය හා ධනය හමුවේ සියලු යහපත් දේ විනාශ කරමින් අයහපත් වටිනාකම් එක් කළ සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය කැඳවාගෙන එමින් විනයගරුක සහ යහපත් සමාජයක් ගොඩනැඟිය යුතු බවත් එහිදී මෙරට මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
-
Details
-
Social and Equity
කොළඹ වරාය maritime facility ගොඩනැගිල්ලේ ප්‍රගතිය සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පසුගිය දා (26) එක් විය.
මේ වන විට නියමිත කාලයට වඩා වසර දෙකක් පමණ පමා වී ඇති මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මන්දගාමී බව නිරීක්ෂණය වීමෙන් අනතුරුව ක්‍රොන්තාත් සමාගම් නියෝජිතයින් සමග සාකච්ඡා කළ නියෝජ්‍ය අමාත්‍යවරයා , මන්දගාමී වී ඇති ඉදිකිරීම් කටයුතු වේගවත් කර ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කරන ලෙස උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, වෘත්තීය සමිති නියෝජිතවරු සහ අමාත්‍යාංශ නිලධාරිහු සහභාගි වූහ.
-
Details
-
Social and Equity
ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි "සුරක්ෂිත ළමා ලෝකයක් - නිර්මාණශීලී අනාගත පරපුරක්" සඳහා වූ ප්‍රතිපත්තිමය බැඳියාවන්ට සියලු ආකාරයෙන් අනුගත වන පරිදි බහුආංශික ප්‍රවේශයකින් සමන්විතව මෙම පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්මට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
-
Details
-
Social and Equity
මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණූව ලබාදීම සඳහා කළුතර ශික්ෂණ රෝහල තුළ මහාචාර්ය ඒකකය ස්ථාපිත කිරීම පිළිබඳ ව මෙන් ම රෝහලේ පවතින ගැටළු කිහිපයක් පිළිබඳ ව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා (28) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
-
Details
-
Social and Equity
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ , අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.
-
Details
-
Social and Equity
අ.පො.ස. (උසස් පෙළ) විභාගය ඉහළින් සමත් වූ සිසුන් හට සිය ප්‍රථම උපාධිය ජාත්‍යන්තර ඉහළ ශ්‍රේණිගත කිරීමක් සහිත විදේශීය විශ්වවිද්‍යාලවල හැදෑරීම සඳහා අවශ්‍ය ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
-
Details
-
Social and Equity
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසීම සඳහා කොලොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවෙස වෙත අද (29) පස්වරුවේ පැමිණියේය.
-
Details
-
Social and Equity
මේ වසරේ මෙතෙක් ගතවූ කාලය තුළ ලක්ෂ 11ක් ඉක්මවූ විදෙස් සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
-
Details
-
Social and Equity
නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවා තිබෙන බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය සඳහන් කර තිබේ.
-
Details
-
Social and Equity
රාජ්ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්රීම බුද්ධිය (AI) යොදා ගත හැකි ආකාරය පිළිබඳ අධ්යාපන අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (28) අධ්යාපන අමාත්යාංශයේදී පැවැත්විණි.
-
Details
-
Social and Equity
“TechnoExpo 25 - UCM” ප්‍රදර්ශනයක් මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසු දරුවන් සංවිධානය කරයි.
-
Details
-