දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම රජය වෙත මිලියන 250 මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළේය.
ඒ අනුව බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඊට අදාළ චෙක්පත ඊයේ (08) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගැන්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කළහ.
අනතුරුව පදනමෙි සභපති හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සුහද සාකච්ඡාවක්ද පැවැත්විණි.
අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, යන මහත්වරුන් සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී විය.