Monday, December 08, 2025
Follow Us
ජාතික තරුණ සේවා සභාවේ 1 Million Volunteers වැඩසටහන ආරම්භ කෙරේ
ගංවතුර හේතුවෙන් විපතට පත් හලාවත ප්රදේශයේ පොදු ස්ථාන පිරිසිදු කෙරේ
1 Million Volunteers සඳහා ලියාපදිංචි වීමටත් අවස්ථාව
තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යාංශයේ උපදෙස් පරිදි ජාතික තරුණ සේවා සභාව ආරම්භ කළ 1Million Volunteers පළමු වැඩසටහන පසුගියදා (05දා) හලාවත දී ආරම්භ කෙරුණි.
ඒ අනුව එහි පළමු වැඩසටහන ලෙස ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත්ව හලාවත ප්රදේශයේ ස්ථාන කිහිපයක මාර්ග සහ පොදු ස්ථාන පිරිසිදු කිරීම සිදු විය.
මෙම වැඩසටහන තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යාංශය සහ ඒ හා අනුබද්ධිත ක්රීඩා ආයතනය, ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යොවුන් සේනාංකය, Youth Club ජාතික සම්මේලනය එක්ව සිදු කළහ.
 
මේ සඳහා තරුණ තරුණියන් 300කට අධික පිරිසක් එක්ව සිටියහ.
 
1 Million Volunteers වැඩසටහන යටතේ ස්වේච්ඡා සේවා බලකායක් නිර්මාණය කිරීමට නියමිත අතර, මේ වන විට එහි ලියාපදිංචි කටයුතු ආරම්භ කර තිබේ.
 
පහත සඳහන් ගූගල් පෝරමය පිරවීමෙන් ඒ සඳහා ඕනෑම තරුණයෙකුට හෝ තරුණියකට සම්බන්ධ විය හැකිය.
 
ඒ අනුව හලාවත මහ රෝහල සහ ඒ අවට, ඉච්චන්පිටිය, මැල්පුර යන ප්රදේශවල දී මෙම පිරිසිදු කිරීමේ කටයුතු සිදුවිය.
 
මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා,ක්රීඩා නියෝජ්ය අමාත්ය සුඟත් තිලකරත්න , ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා ජාතික යොවුන් සේනාංකයේ අධ්යක්ෂ ගාමිණී වික්රමපාල මහතා ඇතුළු අමාත්යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ.
1 Million Volunteers සඳහා ලියාපදිංචි වීම අදාළ Link එක