Sunday, April 26, 2026
Follow Us
Social and Equity

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය අද (26) සිට ලබන ජූලි 10වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

Social and Equity
උමා ඔය ව්යාපෘතියේ නොවිසදුණු ගැටලු විසඳීම උදෙසා පත් කෙරුනු කැබිනට් අනුකමිටුව හෙට (26 ) බණ්ඩාරවෙල , උඩපේරුව ප්රදේශයේ ක්ෂේත්ර රීක්ෂණය හා බණ්ඩාරවෙල නගර ශාලාවේදි ජනතා ගැටලු භාරගැනිම සිදු කිරීමට නියමිතය.
Social and Equity

ඌණ උපයෝජන භූමි ප්‍රදේශයක්ව පැවති හලාවත වැවිලි සමාගමේ හලාවත කොටසේ විමල් උයන වත්තේ අක්කර 22 ක භූමි ප්‍රදේශයක TJC අඹ පැල 3500ක වගාවක් ආරම්භ කිරිම හා අඹ පැල රෝපණය කිරීම පසුගියදා සිදු විය.

Social and Equity

වත්මන් රජයේ "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශය තුල සඳහන් සමුපකාර පුනරුදය වෙනුවෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය මඟින් මෙහෙයවන "නිෂ්පාදන සමුපකාර දහසක්" ආරම්භ කිරීමේ වැඩසටහනේ පළාත් මට්ටමින් සමුපකාර කොමසාරිස්වරුන් සහ පළාත් සමුපකාර අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කිරීමේ මූලික වැඩසටහන ඊයේ (25) දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

Social and Equity

විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක් ව සංවිධානය කරන විද්‍යුත් විකාශන සමුළුව (Broadcasting Symposium) හෙට (25) කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.ඒ.කේ.එල් විජේනායක මහතා පවසයි.

Social and Equity

පසුගිය 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන්  ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල විසින් ආරම්භ කර තිබෙන අතර, ඒ අනුව උතුරු පළාතේ 2023 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් ඇගයීම ඊයේ  (22) පෙරවරුවේ ඉරණමඩු නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

Social and Equity

කොළඹ විශාඛා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයින් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය  පසුගියදා (24) පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ජෙරමියස් දියෙස් ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

Social and Equity

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති හලාවත වැවිලි සමාගමෙන් වැඩසටහන් කිහිපයක් පසුගියදා (21)  හලාවත වැවිලි සමගමේ පලුගස්වැව වත්තේ දි සිදු කෙරිණි.

Social and Equity

2025 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය ජූලි මස 25 වෙනි දා පුරාණ චාරිත්‍රානුකූලව කප් සිටුවීමෙන් පසු එළඹෙන ජූලි 30 වෙනි දා සිට අගෝස්තු 09 වෙනි දිනය දක්වා පැවැත්වීමට නියමිතයි. පසුගියදා  (19) ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ හමුවකදී මේ බව  දියවඩන නිලමේතුමන් විසින් නිල වශයෙන් ප්‍රකාශයයට පත් කරන ලදී.

Social and Equity

ශ්‍රී ලංකාවේ පර්යේෂණ, සංවර්ධන සහ නවෝත්පාදන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමේ අරමුණින්පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) අතර සාකච්ඡා කිහිපයක් පසුගිය දිනවල පැවැත්විණි.

Social and Equity

සිඟමන් යදින සහ අනාරක්ෂිත ලෙස භාණ්ඩ අලෙවිකරන බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාපය නිවේදනය කරයි.

Social and Equity

සියලු පාසල් ආවරණය වන පරිදි මානව සහ භෞතික සම්පත් බෙදීයාම සහතික වන ලෙස ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේද හදුන්වා දිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Social and Equity
වයස අවුරුදු 16 ට අඩු ළමයින් සිඟමනේ යෙදවීම , වෙළෙදාම් කටයුතුවල යෙදවීම සහ වයස අවුරුදු 16- 18 අතර ළමුන් ගෘහ සේවය ඇතුළු අනතුරුදායක රැකියාවල යෙදීම 2025.07.01 දින සිට සපුරා තහනම් කිරීමට හැකි වන පරිදි දැනට පවතින නීතිමය විධිවිධාන දැඩි ලෙස ක්රියාත්මක කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්ය හමුවේදී කැබිනට් මාධ්ය ප්රකාශක , සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය
Social and Equity

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති හලාවත වැවිලි සමාගමෙන් සහ පොල් වගා කිරිමේ මණ්ඩලයෙන් වැඩසටහන් කිහිපයක් පසුගියදා හලාවත වැවිලි සමාගමේ පලුගස්වැව වත්තේ දී සිදු කෙරිණ.

Social and Equity

"පුනරුදයට මඟ" ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය මෙම ව්‍යාපෘතිය යටතේ, නුවර දිගන ප්‍රධාන මාර්ගයේ සිට මල්ගහමුල මංසන්ධිය දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු ඊයේ (21) ආරම්භ වූ  අතර මේ සඳහා රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කර ඇත.

Social and Equity
මේ දිනවල පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්යාප්තිය අවම කිරීමේ අරමුණින් දිවයිනේ සියලු පාසල්වල ඩෙංගු මැඬලීමේ වැඩසටහනක් අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශය සහ ක්ලීන් ශ්රී ලංකා ලේකම් කාර්යාලය එක්ව ජූලි 09වන දා සංවිධානය කර තිබේ.
Social and Equity

හලාවත වැවිලි සමාගමේ සභාපති චන්දන දිසානායක මහතාගේ සංකල්පයකට අනුව සමාගමේ වියදම් අඩු කිරිමත් නව ආදායම් ක්‍රම ලබා ගැනිමේත් අරමුණින් වැවිලි සමාගම විසින් ඔහුට නිල වශයෙන් ලබා දී ඇති සභාපති බංගලාව සංචාරක නිකේතනයක් ලෙස විවෘත කිරීම පසුගියදා සිදු විය.

Social and Equity

මුදල් හෝ බලය මත ජීවය මැරුණු සමාජයට බෞද්ධ දර්ශනය තුළින් අධ්‍යාත්මික ජීවය ලබා දිය හැකියි - ජනපති

කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවත්සර සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද (21) පස්වරුවේ පැවැත්විණි.