Thursday, December 04, 2025
Follow Us
නාවික හමුදාව මඟින් ගාල්ල සහ කුරුණෑගල ප්‍රදේශයේ පාලම් තුල සිරවූ දෑ ඉවත් කිරීමේ මෙහෙයුමක්

ගං වතුර අවධානම වැළැක්වීම සඳහා පූර්ව සූදානමක් වශයෙන්, ගිං ගඟ හරහා ඉදිකර ඇති පාලම් තුළ, ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වනලෙස රැඳී ඇති ද්‍රව්‍ය ඉවත්කිරීමේ මෙහෙයුමක්; අගලිය, වඩුවෙලිවිටිය, මුල්කඩ, අවිත්තාව, දොඩන්ගොඩ යන පාලම් ආශ්‍රිතව, 2025 නොවැම්බර් මස 26 සිට 29 වැනි දින දක්වා නාවික හමුදාව මඟින් සිදුකෙරුණු අතර, ගාල්ල අගලිය සහ කුරුණෑගල මානින්ගමුව පාලම් තුල රැඳී ඇති ද්‍රව්‍ය ඉවත්කිරීමේ මෙහෙයුමක් අද දිනයේද ( 04) නාවික හමුදාව මඟින් සිදුකෙරිණි.

අධික වර්ශාපතනය හේතුවෙන් ගාල්ල ප්‍රදේශයේ ගිං ග‍‍ඟෙහි ජල මට්ටම ඉහල ඉහළ යාමත් සමඟ, ජල පහරට හසුව ගසාගෙන එනු ලබන කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අවශේෂ එම පාලම්තුල සිරවී ඇතිවිය හැකි ගංවතුර අවධානම වැලැක්වීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර දායකත්වය දක්වයි.

ඒ අනුව, දකුණු නාවික විධානය මඟින් සහ බටහිර නාවික විධානය මඟින් විශේෂ කිමිදුම් කණ්ඩායම් යොදවා සිදුකල මෙම මෙහෙයුම් මඟින් පාලම් තුළ සිරවූ කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අවශේෂ විශාල ප්‍රමාණයක් ඉවත්කර, ජලය ක්‍රමවත්ව බැස යාමට හැකිවන පරිදි කටයුතු කෙරිණි.