ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකාය විසින් තෙවන (03) වරට සංවිධානය කරනු ලබන Marines Field Training Exercise Blue Whale - 2024 ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසය පසුගිය දා (05) වන දින ත්‍රීකුණාමලය දකුණ, සාම්පූර් හී පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතන පරිශ්‍රයේදී ආරම්භ වූ අතර, විදේශීය නාවික හමුදා සාමාජිකයන් ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම අභ්‍යාසය 2024 ඔක්තෝබර් මස 15 වන දින දක්වා වයඹ මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත වෙරළ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කර ඇත.

















