ආබාධ සහිත පුද්ගලයින් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳ සංවේදීකරණය සඳහා වන වැඩමුළුවක් ඊයේ (20) ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට - මෙහෙවර පියෙස ගොඩනැගිල්ලේ පිහිටි කම්කරු අමාත්‍යාංයේ දී පැවැත්විණි.
වැඩමුළුවෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහභාගී විය.
Australian Aid හි, මැතිවරණ පද්ධතීන් පිළිබද ජාත්‍යන්තර ආයතනයේ (IFES) මූල්‍ය දායකත්වය ඇතිව කම්කරු අමාත්‍යාංශය විසින් එම අමාත්‍යාංශයේ සහ ඊට අයත් ආයතනවල මහජන සබඳතාව සහිතව සේවය කරන මාණ්ඩලික නිලධාරීන් ඉලක්ක කරගෙන මෙම වැඩමුළුව සංවිධාන කරන ලදි.
සියලු අමාත්‍යාංශ ඉලක්ක කරගෙන පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම වැඩමුළු මාලාවෙහි පළමුවැන්න ලෙස පැවැති මෙම වැඩමුළුවේ දී ඊට සහභාගි වූ ආබාධ සහිත පුද්ගලයන් තමන්ට බාහිර සමාජයේ දී මුහුණ දීමට සිදුවන විවිධ කටුක අත්දැකීම් හා රැකියාගත අවස්ථා ලබාගැනීමේ දී මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳ සාකච්ඡා කරන ලද අතර වැඩසටහනේ සම්පත්දායකයන් ලෙස හා වැඩසටහන මෙහෙයවීම ආබාධිත පුද්ගලයන් විසින් ම සිදු කිරීම විශේෂත්වයක් විය.