Sunday, February 08, 2026
Follow Us
ගුවන් හමුදාව වව්නියාව ආඬියා පුලියම්කුලම් වැව් බැම්ම පිළිසකර කරයි

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් වව්නියාව ආඬියා පුලියම්කුලම් වැව් බැම්ම කැඩීගිය අතර, මෙම වැව්බැම්ම හරහා ඇති මාර්ගයේ ආඬියා පුලියම්කුලම් ගම්මානයේ පවුල් 500ක පමණ ජනතාව එදිනෙදා අවශ්‍යතා සඳහා මෙන්ම ගොවිතැන් කටයුතු සඳහා ද වැවි බැම්ම හරහා ඇති මෙම මාර්ගය භාවිතා කළහ.

මෙම වැවි බැම්ම යළි පිළිසකර කිරීමේ කටයුතු අද (06) ශ්‍රී ලංකා ගුවන් හමුදා වව්නියාව කඳවුරේ සාමාජිකයින් විසින් සිදු කරනු ලැබිය.