Monday, December 01, 2025
Follow Us
ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුතු කමිටුවක්
ග්රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීමේ අමාත්ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා විසින් පවතින ආපදා තත්ත්වය තුළ කඩිනමින් රැස්වී අමාත්යංශ කටයුතු සමාලෝචනය කරමින් ගතයුතු ක්රියාමාර්ග ගැනීම සඳහා අමාත්යංශය යටතේ ඇති සියලු ආයතන නියෝජනය වනසේ ජ්යෙෂ්ඨ නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර තිබේ.
ඊයේ (01) අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් අමාත්යංශ ශ්රවණාගාරයේ පැවති ආයතන ප්රධානීන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගත් අතර, ආපදා කලමණාකරන මධ්යස්ථානය අමාත්යංශය වෙනුවෙන් සම්බන්ධීකරණය සඳහා වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චතුර මිහිඳුම් මහතා පත්කරන ලදී.
 
ආපාදාවන්ට ලක්වූ ජනතාවට සහන සැලසීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙනතුව මගින් රුපියල් මිලියන 100ක් දැනට වෙන් කර ඇති අතර අවශ්යතාවන් අනූව සමාජ ආරක්ෂණ අරමුදලින් තවත් මුදල් වෙන් කිරීමට සාකච්ඡා කරමි සිටින අතර ලෝක ආහාර වැඩසටහන යටතේ ආධාර ලබා ගැනීම සඳහා මේ වන විට පියවර ගනිමින් සිටිනවා.
 
එමෙන්ම ආපදාවලට ලක්වූ ප්රදේශ යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු හා සහන සැලසීමේ කටයුතු සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමෘද්ධි නිලධාරීන් හා සමෘද්ධි කළමනාකරුවන් මෙන්ම ග්රාම සංවර්ධන කාර්යංශයේ ප්රජා සවිබලගැන්වීමේ නිලධාරින් විශේෂ රාජකාරි ලෙස සලකා අනුයුක්ත කිරීමටත්, එම කටයුතු අධීක්ෂණය සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ, ග්රාම සංවර්ධන කාර්යංශයේ හා ග්රාම සංවර්ධන පුහුණු ආයතනයේ අධ්යක්ෂවරුන් සහ සහකාර අධ්යක්ෂවරුන් දිස්ත්රික්ක මට්ටමින් පත් කිරීමටත් තීරණය විය.
 
මේ වනවිට ආපදාවලට මුහුණපාසිටින ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ප්රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් තොරතුරු එකතු කරමින් තිබෙන තත්ත්වය තුළ මගහැරීමට ඉඩ ඇති අය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට 070611600 සහ 0707-89-88-89 වට්ස් ඇප් අංක දෙක වෙන්කිරීමට තීරණය කරන ලදී.
 
මෙම කටයුතු සම්බන්ධීකරණය සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට හා ආබාධිත අය සඳහා වන ලේකම් කාර්යාලයට වගකීම් පවරන ලදී.
 
දැනට හඳුනාගෙන ඇති ආපදාවන්ට ලක්ව ඇති දිවයිනේ වැඩිහිටි නිවාස වලට අමතරව ඇති මැදිහත්විය යුතු විනාශවීගිය හා අර්ධ හානි සිදුවී ඇති වැඩිහිටි නිවාස පිළිබඳ කඩිනමින් තොරතුරු රැස්කිරීම වැඩිහිටියන් පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයට පවරන ලදී.
 
එමෙන්ම ආපදාවන්ට ලක්වූවන් සඳහා උපදේශන වැඩසටහන් මාලාවක් අමාත්යංශයේ අධීක්ෂණය යටතේ දියත් කිරීමටත්, ඒ සඳහා අමාත්යංශයේ උපදේශන අංශයත්, සමාජ සංවර්ධනය සඳහා වන ජාතික ආයතනයත් මැදිහත්කිරීමට තීරණය කරන ලදී.
 
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ උපදේශන නිලධාරීන් 230 කුත්, අමාත්යංශ උපදේශන අංශයේ උපදේශන නිලධාරින් 178 කුත්, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ උපාධිධාරීන් සියලු දෙනාත් සම්බන්ධීකරණය කරමින් මේ සඳහා වැඩසටහනක් සැකසීම ජාතික සමාජ සංවර්ධන ආයතනයට පවරන ලදී.
 
එමෙන්ම රට යළි යථා තත්වයට පත්කරගැනීමේ කටයුතු හා සහන සැලසීමේ කටයුතු සඳහා දේශීය, විදේශීය රාජ්ය නොවන සංවිධාන සම්බන්ධීකරණය රාජ්ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයට පවරන ලදී.