Sunday, December 07, 2025
Follow Us
දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර භාවිත කරමින් ලංගම බස්රථවල ගමන් කරන මඟීන් දැනුම් දීමක්
දුම්රිය වාර ප්රවේශ පත්රය භාවිත කරමින් ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථවල ගමන් කිරීමට අවසර ලබාදී ඇත්තේ, දුම්රිය ධාවනය සීමාවූ ප්රදේශවල සහ මේ වන විට දුම්රිය ධාවනය ඇණහිට ඇති ප්රදේශවල පමණක් බව ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලය දැනුම් දී තිබේ.

 

මහනුවර සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය මගීන්ට අද (07) අලුයම සිට විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කරන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාව පවසයි.
 
එම විශේෂ බස් රථවල දුම්රිය වාර ප්රවේශ පත්රය භාවිත කරමින් ගමන් කිරීමේ හැකියාව පවතින බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ. චන්ද්රපාල මහතා සඳහන් කළේය.