Sunday, February 08, 2026
Follow Us
බදුල්ලේ මහා වාරි මෙහෙයුම ඇරඹේ
බදුල්ල දිස්ත්රික් මහා වාරි මෙහෙයුම අමාත්ය සමන්ත විද්යාරත්න මහතාගේ ප්රධානත්වයෙන් බදුල්ල හාලිඇල මහජන ක්රීඩාංගනයේදී අද(09) පස්වරුවේ ආරම්භ කෙරිණි.

 

මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්යයේ ආරම්භ වුණු මෙම දැවැන්ත ව්යායාමය තුළින් දිට්වාවෙන් විනාශ වුණු බදුල්ල දිස්ත්රික්කයේ වාරි ව්යාපෘති 1020 ක් නැවත ගොඩනැංවීමට නියමිතය.
ආරක්ෂක අංශ, සිවිල් සංවිධාන ඇතුලු ස්වෙච්චාවෙන් ඉදිරිපත් පිරිස් ඇතුලු 5000 ක් වූ ශ්රම බලකායක් මේ සඳහා සහභාගී වේ.
 
අද(09) සිට 23 දින දක්වා සති දෙකක් පුරාවට වැඩබිම් 50 ක ක්රියාත්මක කෙරෙන මෙම මහා ශ්රම මෙහෙයුම තුළින් බදුල්ල දිස්ත්රික්කයේ සියලු වගා බිමවලට මහ කන්නය අස්වැද්දීම සදහා ජලය සැපයීමට අපේක්ෂා කෙරේ.