සිය වැටුප් ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් ගුරු විදුහල්පති සංගම් අද රථ පෙළපාලි සංවිධාන කර තිබෙනවා. මොරටුව, කොට්ටාව, වැලිසර සහ කඩවත සිට එම රථ පෙළපාලි කොළඹ දක්වා පැමිනීමට නියමිත බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ.
ඊයේ (04) දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයක නිරත වීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කළ ගුරුවරුන්, ගුරුවරියන් ඇතුළු 44 දෙනාම කොවිඩ් ආසාදිතයින් නොවන බව එම පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
දියවැඩියාව සහ බෝ නොවන රෝග වලින් පෙලෙන සියලු දෙනා කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමට ඉක්මනින් පියවර ගත යුතු බව කොළඹ වෛද්‍ය පිඨයේ මහාචාර්ය දියවැඩියාව සහ අන්තරාසර්ග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද ප්‍රකාශ කර සිටිනවා.
ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත පුද්ගලයන් 113 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මේ දිනවල පවතින ගෑස් හිඟය හේතුවෙන් පාරිභෝගික ජනතාව ඉතාම දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බව දිවයින පුරා ප්‍රදේශ රැසකින් වාර්තා වේ.
Sri Lanka is heading for its worst medical tsunami in the coming weeks as there is a risk that the Delta variant is spreading beyond control, leading medical experts told Daily Mirror yesterday.
ටීනියා දිලීර රෝග ලක්ෂණ ඔබට හෝ ඔබගේ පවුලේ අයෙකුට වැළඳි ඇත්නම් වහාම ළඟම පිහිටි රජයේ රෝහලේ චර්ම රෝග සායනය වෙත පැමිණෙන්න ලෙස චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා.
නිසි ප්‍රසම්පාදන ක්‍රම අනුගමනය නොකිරීම තුළින් රජයට පාඩුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවරා තිබුණු නඩුවෙන් ලක්සල ආයතනයේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (03) නියෝග කළේය.
ගැබිනි නිලධාරිනියන් සේවයට කැඳවීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කරගෙන දිවයින පුරා රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද (05) පෙරවරුවේ සේවාවලින් ඉවත් වී රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පැවසීය.
කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් 38 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් මේ මස 12 වැනිදා සිට පැවැත්වෙන ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් නායකයන් වශයෙන් දසුන් ශානක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල් සහ අශාන් ප්‍රියංජන්ව නම්කර තිබෙන බවට වාර්තා වේ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් අතර අධ්‍යාපන අමාත්‍යංශයේදී අද (03) පැවති සකච්ජාවද අසාර්ථක වී තිබේ.
Page 365 of 726