විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් 19 රෝග මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වීමට බලපෑ ප්‍රධානතම හේතුව, මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන විශේෂඥයින්ගේ නිර්දේශ අනුව ක්‍රියාත්මක නොවීම බව වාර්තා වනවා.
දඹානේ ආදිවාසී ගම්මානයේ ආදිවාසී සාමාජිකයන් 1200කට ආසන්න පිරිසකට කොවිඩ් 19 වෛරසය වැළදී ඇති බව ආදිවාසී නායකයාගේ පුත් ඌරුවරිගේ මුතුබණ්ඩා ප්‍රකාශ කරයි.
ත්‍රීරෝද රථ සහ යතුරුපැදි අමතර කොටස්වල වෙළෙදපොළේ හිඟයක් පවතින බව වාර්තා වනවා.
පරිප්පු කිලෝවක මිල ද ඉහළ නංවා ඇතැයි පාරිභෝගිකයින් සහ වෙළඳුන් පවසනවා. පැවැති මිලට වඩා රුපියල් 30 ත් 40 අතර ප්‍රමාණයකින් පරිප්පු කිලෝවක මිල වැඩිකර ඇති බවයි පාරිභෝගිකයින් පවසන්නේ. වෙළඳපලේ තිරිගු පිටි හිගයක් ද පවතින අතර ඇතැම් වෙළඳසැල්වලට තිරිගු පිටි මිටි ලබාදීම ද සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.
වෙළඳපොලේ තිරිඟු පිටි හිඟයක් පවතින බව දිවයිනේ ප්‍රදේශ ගණනාවකින්ම වාර්තා වේ. ප්‍රීමා සමාගම විසින් පසුගියදා පාන්පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 12 කින් ඉහළ නැංවීමෙන් අනතුරුව මෙම හිඟය උද්ගත වී ඇති බව සඳහන්.
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද පැවැත්වෙනවා.
මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දස දහසේ සීමාව ඉක්මවා ගියා.
ඊයේ (04) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3333 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
අඛණ්ඩව 04 වන දිනටත් මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන්දහසේ සීමාව දක්වා අඩු වී තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට දකුනු අප්‍රිකානු කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ආශ්‍රිතව ඉදිකිරීමට සැලසුම් කළ ඇවිදින මංතීරුව ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ආනයන තවදුරටත් සීමා කිරීමට සිදුවුවහොත් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයද කඩාවැටීමට ලක් වන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයද පවසනවා.
Page 366 of 744