වරායේ සිරවූ සීනි තොග නිදහස් කර ගැනීමට ලබන සතියේ රජයෙන් විසදුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් සියයක් මේ වනවිට වරායේ සිරවී ඇති බවයි.
රට තුළ පවතින ඩොලර් හිගය හේතුවෙන් ගෑස් තොගද වරායේ සිරවී ඇති බව ලාෆ් ගෑස් සමාගම ප්‍රකාශ කළා. මේ හේතුවෙන් තවදුරටත් රට තුළ ලාෆ් ගෑස් හිගය පවතිනවා.
මේ අතර මේ දිනවල රට තුළ සිමෙන්ති හිගයක්ද ඇති අතර සිමෙන්ති මිලදී ගැනීම සදහා දඹුල්ල හා ඒ අවට ප්‍රදේශවලද ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවි සැල් ඉදිරි පිට දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළේ.
(Neth)