Tuesday, November 11, 2025
Follow Us
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් තරගාවලියෙන් ඉවතට

ක්‍රිකට් තරු තුනට යළි කණ්ඩායමේ තැනක් ලැබීමත් අවිනිශ්චිත තත්ත්වයක


නිරෝෂන් දික්වැල්ල , ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් යන ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියටද ඇතුළත් කර නොගැනීමට ඔවුන් ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ පියවර ගෙන ඇත.

මීට හේතුවී ඇත්තේ ශ්‍රීලංකා ක්‍රිකට් පරීක්ෂණ කමිටුව විසින් මෙම ක්‍රීඩකයන්ට නියම කළ රුපියල් කෝටිය බැගින් වූ දඩ මුදල ක්‍රිකට් ආයතනයට මෙතෙක් ගෙවා නොමැති වීමයි.

එංගලන්ත සංචාරයේදී ජීව බුබුල බිඳිමින් අයාලේ යෑමට වරදකරුවන් වී වසරක තරග තහනමකට ලක්වූ මොවුනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම දඩ මුදල පවරා ඇත.

මොවුන් තිදෙනා දෙසැම්බරයේ පැවැත්වෙන LPL තරගාවලියට ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් මෙම තරග වලට සහභාගි වීමට බලාපොරොත්තු වුවද ක්‍රිකට් ආයතනය විසින් එයට අවසරය ලබා දී නොමැති බව කියැවේ.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිසි තරුණ ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කිරීම හේතුවෙන් මොවුන්ට නැවත කණ්ඩායමට තේරීම පහසු නොවනු ඇතැයි ද විචාරකයෝ පවසති.

(Aruna)