ඉකුත්දා ගෑස් මිල ගණන් ඉහළ දැමුවද වෙළදපොලේ ලාෆ් ගෑස් හිගය තවදුරටත් පවතිනවා. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය පැවසුවේ ඩොලර් හිගය හේතුවෙන් මෙරටට රැගෙන ආ ගෑස් වරායේ සිරවීම හේතුවෙන් මෙලෙස ගෑස් හිගයක් පවතින බවයි.
පවතින ගැටළුවට රජය විසදුම් ලබාදෙන්නේ නම් සති දෙකක් ඇතුළත දිවයිනටම ලාෆ් ගෑස් බෙදාහැරිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
මේ අතර සිමෙන්ති සදහා දිවයින පුරා මේ දිනවල දැඩි ඉල්ලුමක් පවතිනවා. සිමෙන්ති හිගය හේතුවෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළද සැල් හිමියන් සහ පාරිභෝගිකයන්ද දුෂ්කරතා රැසකට මුහුණ පා සිටිනවා. ඇතැම් ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළදසැල් අසල දිගු පෝලිම් ද අද දිනයේ දක්නට ලැබුණා. හබරණ, දඹුල්ල, නාවුල සහ සීගිරිය ප්‍රදේශවල එලෙස දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
කෙසේවෙතත් රට තුළ පවතින සිමෙන්ති මෙන්ම සීනි හිගය තවත් සති 3 ක් ඇතුලත අවසන් වනු ඇති බවයි පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඉකුත්දා සදහන් කළේ. ඒ සදහා අදාළ ආනයනකරුවන් සහ නිෂ්පාදන ආයතන කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.
(Neth)