Tuesday, November 11, 2025
Follow Us
රටපුරා යළි ගෑස් හිඟයක්

ගෑස් නැතුව පාරිභෝගිකයින් දැඩි අපහසුතාවක


වෙළෙඳපොල තුළ ලාෆ් සහ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් වර්ග දෙකේම හිඟයක් ඇති වී තිබේ.

ගෑස් වර්ග දෙකෙන් එක් වර්ගයක් හෝ මිලට ගන්න නොමැති වීමෙන් ගෑස් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ.

ඩොලර් හිඟය හේතුවෙන් ලාෆ් ගෑස් හිඟයක් ඇති වී ඇති බවත් එසේ වුවද දෛනිකව ගෑස් ටොන් 300 ත් 400 ත් ප්‍රමාණයක් වෙළෙඳපොලට සපයන බවත් ‘ලාෆ්’ ගෑස් සමාගමේ සභාපති ඩව්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතාගෙන් මේ පිළිබඳව අද (1) පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේය.

බැංකුවලින් ඩොලර් නොලැබීම නිසා ගෑස් ආනයනය කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙන බවත් ණයවර ලිපියක් නිකුත් කිරීමට බැංකු වලට යාමට ස්ඩිදුව තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ලිට්‍රෝ සමාගම සාමාන්‍ය පරිදි ගෑස් සැපයුම පවත්වාගෙන යන බවත් ලාෆ් ගෑස් හිඟයත් සමඟ ලිට්‍රෝ ගෑස් ඉල්ලුම ඉහළ ගොස් ඇති බවත් එහි උසස් නිලධාරියෙක් සඳහන් කර තිබේ.

(Aruna)