Tuesday, November 11, 2025
Follow Us
සයිනෝෆාම් එන්නත ලබා ගත් අයට විශේෂ නිවේදනයක්

දෙවන මාත්‍රාව ගෙන මාස හයක් ඉක්මවීමට පෙර බුස්ටර් එන්නත ලබා දීමට තීරණයක්


සයිනොෆාම් එන්නත ලබා ගනිමින් කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පුර්ණ කළ පුද්ගලයින් සඳහා මාස 6 ඉක්මවීමට පෙර බූස්ටර් මාත්‍රාව ලබාදීමට තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව ඒ පිළිබඳව විද්වතුන් විසින් තීරණය කරනු ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ.

සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින්ට මාස 6ක් ඉක්මවීමට පෙර බූස්ටර් මාත්‍රාව ලබාදිය යුතු බවට ඇතැම් පාර්ශව අදහස් පළ කර තිබුණි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා පැවසුවේ, සයිනොෆාම් එන්නතේ කාර්යක්ෂමතාව මාස 3කට පමණ පසුව අඩුවන බවට අනාවරණය වී ඇති බවයි.

(Aruna)