ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන - 2025 ඊයේ (22) ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්ය නලින්ද ජයතිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
ආචාර්ය නන්දා මාලිනියගේ ජන්ම දිනය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශත සංවත්සරය ද මූලික කරගනිමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි අංක 09 ආචාර්ය නන්දා මාලිනි නමින් නම් අද (22) නම් කෙරේ.
ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන - 2025 ඊයේ (22) ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්ය නලින්ද ජයතිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (21) පෙරවරුවේ පැවැත්විණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතා සැප්තැම්බර් මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙන බව වාර්තා වෙයි.
තැපැල් සේවකයින් ආරම්භ කළ තැපැල් වර්ජනය 06 වන දිනටත් අද (23) දිනයේදී ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වෙයි.
ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන් 31 දෙනෙක් සඳහා ඉන්දියාවේ සහ බංගලාදේශයේ තරුණ හුවමාරු වැඩසටහනක් සඳහා අවස්ථාව හිමිව තිබේ.
ඛණිජ තෙල් සංස්ථාව හා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම එක්ව කොළඹ වරායේ නැව් තෙල් වෙළදාමට අවශ්‍යය නල පද්ධති හා පහසුකම් පුළුල් කර ඇත.
සුවසේවාවේමානවසම්පතසංවර්ධනයේදීසියලුකාර්යමණ්ඩලතුළසමගියසහවෘත්තීමයභාවයශක්තිමත්කිරීමටකටයුතුකරනබවත්, පුහුවැඩවර්ජනතුළින්පද්ධතීන්කඩාවැටීමටලක්වනබවත්සෞඛ්‍ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ පවසයි.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් ආචාර්ය නන්දා මාලනිය වෙනුවෙන් උපහාර ප්‍රණාම පුද කිරීමේ විශේෂ වැඩසටහනක් අගෝස්තු 22 වැනි දා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේ දී පැවැත්විණි.
ආචාර්ය නන්දා මාලනියගේ නමින් ශ්රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක් නම් කෙරේ
දශක හයකට අධික කාලයක් පුරාවට මෙරට සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් මෙන්ම ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන් ආචාර්ය නන්දා මාලනිය විසින් ඉටුකළ මෙහෙවරට උත්තමාචාර පුද කිරීම මෙම වැඩසටහනේ අරමුණ වූ අතර එතුමියට උපහාර ලෙස ගුවන්විදුලි සංස්ථාවේ මැදිරියක් එතුමියගේ නමින් නම් කොට විවෘත කිරීම ද මෙහි දී සිදු විය.
ඒ අනුව ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රය තුළ ආචාර්ය නන්දා මාලනියගේ ඡායාරූපයක් විවෘත කිරීම සහ එහි 9වන මැදිරිය "ආචාර්ය නන්දා මාලනී මැදිරිය" ලෙස නම්කොට අග්‍රාමාත්‍යවරියගේ සහ ආචාර්ය නන්දා මාලනියගේ සුරතින් විවෘත කිරීම අද දින සිදුවිය.
ඉන් අනතුරුව උත්සව සභාව ආමන්ත්‍රණය කළ, අග්‍රාමාත්‍යතුමිය..
"අදින් වසර හැටකට එපිට දවසක කුඩා දැරියක් මේ ගුවන්විදුලි සංස්ථාවට එනවා "ළමා පිටිය” වැඩසටහනට ගීත ගයන්න. එහිදී ඇය මුලින්ම හඬ මුසු කළේ "දුර පවනේ මේ කුළු ගුවනේ" ගීතයට යි. එලෙස ඇය දැක් වූ අපූර්ව ගායන හැකියාව හඳුනාගන්නා ආචාර්‍ය පණ්ඩිත් අමරදේවයන් අපේ රටේ පළමු වර්ණ චිත්‍රපටය වූ "රන්මුතු දූව" වෙනුවෙන් ගී ගයන්න ඇයට අවස්ථාව ලබා දෙනවා. ඒ දක්ෂ ළමා ගායිකාව "ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ" කියන අපූරු පදවැලට ගුවන්විදුලි සංස්ථාවේ ම මැදිරියක තමන්ගේ හඬ මුසුකරනවා.
එදා ඒ ගීතය ගැයූ දැරියගේ නමින් අද දවසේ ගුවන්විදුලි සංස්ථාවේ මැදිරියක් විවෘත වීම හරිම සුවිශේෂී අවස්ථාවක්. ඒ තමයි දේශයට යශෝරාවයක් බඳු වූ ආචාර්ය නන්දා මාලනිය.
නන්දා මාලනී නම් වූ ගායනවේදිනිය අපේ ගීත කලාව තුළ තවත් එක් නාමයක් පමණක් වුණේ නැහැ. රන්මුතු දූව චිත්‍රපටයෙන් ආරම්භ වුණ ඇගේ ගායන දිවිය තුළ හුදෙක් ප්‍රේමය, විරහව වැනි සුලභ මාතෘකා වලට පමණක් සීමා නොවී, අපේ රටට අත් විඳින්න සිදු වූ මර්දනය, දූෂණය, භීෂණය, සමාජ අසාධාරණය වගේ කාලීන මාතෘකාවන් පිළිබඳවත් නොබියව සිය ගී හඬ අවධි කරන්න ඇය කිසිවිටෙකත් පසුබට වුණේ නැහැ.
ආචාර්ය නන්දා මාලනියගේ හඬ මේ රටට සුවිශේෂී වූ අස්පර්ශනීය සංස්කෘතික උරුමයක්( Intangible Cultural Heritage ). ඔබ අපට දුන් ඒ රසවින්දනය. ඔබේ ගීතවලින් අපට සිතන්නට කළ පෙළඹවීම. මේ රටට අමාරුකාලයක් තුළ වුණත් ගීතයෙන් අපිව ශක්තිමත් කරමින් ඔබ කළ ඒ උදාර සේවයට ස්තූතිවන්ත වෙනවා. " යැයිද සඳහන් කළාය.
මෙම අවස්ථාවට අතිපූජ්‍ය පාතේගම ඥානේස්වර ස්වාමීන්වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය වැඩම කළ අතර ගරු සමන් මැක්සිමස් පියතුමා, සෞඛ්‍ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල්සෙනෙවි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි, මහාචාර්ය සුනිල් ආරියරත්න, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහචාර්ය උදිත ගයාශාන් ගුණසේකර යන මහත්වරුන් ඇතුළුව ප්‍රවීණ කලාකරුවන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Page 23 of 738