Tuesday, April 28, 2026
Follow Us
සාම පාගමන වැඩසටහනට අද කොළඹ රථ වාහන සැලැස්මක්
දැනට ශ්රී ලංකාව තුළ ක්රියාත්මක වන walk for peace Program Sri Lanka වැඩසටහන 2026.04.28 කොළඹ නගරය කේන්ද්ර කර ගනිමින් පැවැත්වීම සහ එදින සවස 04.00ට කොළඹ 07. නිදහස් චතුරස්ර පරිශ්රයේදී ජනාධිපතිතුමාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිත උත්සවයට අදාළව කොළඹ රථවාහන කොට්ඨාසය මඟින් ආශ්රිත ප්රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

 

මෙම රථවාහන සැලැස්මට අනුව 2026. 04.28 දින උදෑසන 11. 00 සිට පහත දැක්වෙන මාර්ගවල අවස්ථානුකූලව ඇති වන තත්ත්වයන් අනුව වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරනු ඇත.
 
බණ්ඩාරනායක වටරවුම සිට බේස්ලසින් මාර්ගය බොරැල්ල හන්දිය දක්වාත්, මරදාන පාර, නන්දදාස කෝදාගොඩ මාවත, වෝඩ් පෙදෙස, සොයිසා වට රවුම, ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත, එෆ්.ආර් සේනානායක මාවත, සී.ඩබ්.ඩබ්. කන්නංගර මාවත, හෝර්ටන් වටරවුම, නන්දා මෝටර්ස්, නිදහස් මාවත, ප්රේමසිරි කේමදාස මාවත, කේම්බ්රිජ් පෙදෙස, ග්ලාස් හවුස්, මාර්කස් ප්රනාන්දු මාවත, පුස්තකාල හන්දිය, මල්පාර, පිත්තල හන්දිය, ජේම්ස් පීරිස් මාවත, මුත්තයියා පාර, බේබෘක් වීදිය, ස්ටැපල් වීදිය, ගංගාරාම විහාරස්ථානය අවට මාර්ගය ඇතුළු ගංගාරම විහාරස්ථානය අවට මාර්ගය ඇතුළු ගංගාරාම විහාරස්ථානය අවට මාර්ග
 
මෙම කාල සීමාව තුල ඇති විය හැකි වාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට ශ්රී ලංකා පොලිසිය රියැදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.