හය වැනි ආසියානු වෙරළ ක්රීඩා උළෙලේදී රන් පදක්කමක් හිමිකර ගැනීමට මල්ලව පොර ක්රීඩිකා නිපුණි වාසනා අද සමත් වූවාය.
ඒ කිලෝ ග්රෑම් 50ට අඩු බර පන්තියේ අවසන් තරගයේදී වියට්නාම ක්රිඩිකා ඩෝන් තී කිම් පරාජය කරමින්.
මෙවර ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාව හිමි කරගත් පළමු රන් පදක්කම මෙයයි.
ආසියානු වෙරළ ක්රීඩා උළෙල චීනයේ සන්යාහිදී පැවැත්වේ.