ගොවි සහ ධීවර ක්ෂේත්රයේ නියුතු වූවන් මුහුණ දෙන අවධානම් තත්ත්ව කළමනාකරණයට නව රක්ෂණ ක්රම රැසක් හඳුන්වා දී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
ඒ යටතේ පොල්, පැපොල්, උක්, බිම්මල් ආදී වගාවන් සඳහා ද විශේෂිත රක්ෂණ යෝජනා ක්රම රැසක් මේ වන විට හඳුන්වා දී ඇත.
ගොවීන්ට අමතරව ධීවර වෘත්තියේ නිරත ධීවර ප්රජාවගේ ද අවධානම් කළමනාකරණය කරමින් ධීවරයින්ගේ සැඳෑ සමය ආර්ථික අපහසුතාවලින් තොරව සුවසේ ගත කිරීම වෙනුවෙන් ධීවර විශ්රාම වැටුප් යෝජනා ක්රමයක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ඒකාබද්ධව හඳුන්වාදී ඇත.
මීට අමතරව මත්ස්ය කර්මාන්තයේ යෙදෙන ධීවර ජනතාවට මුහුණපෑමට සිදුවන අනපේක්ෂිත හදිසි අනතුරු අවධානම කළමනාකරණය කිරීම සඳහා ද "සයුර" නමින් රක්ෂණ යෝජනා ක්රමයක් ද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වා දී ඇත.