රට තුළ පවතින ඖෂධ හිඟයට හේතුව ඖෂධ සැපයීමට අදාළ ආයතනවල කාර්්‍යක්ෂමතාව අඩුවීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ අදාළ සියලු ම පාර්ශව එක්කර ඖෂධ සැපයීම සඳහා නිසි යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවයි.
ජාත්‍යන්තර සිරකරු සුබසාධන දිනයට සමගාමීව බන්ධනාගාරගත සිරකරුවන් 417 දෙනෙකුට නිදහස් කර තිබෙනවා. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පැවැරි ඇති බලතල ප්‍රකාරව විශේෂ රාජ්‍ය සමාවක් යටතේ එම සිරකරුවන් නිදහස් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
A 15-year-old youth, who had stolen a bus parked from the Piliyandala bus stand and gone to visit his girlfriend, was arrested three hours later, the Piliyandala police said.
විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටය ජයගෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සිය කණ්ඩායමේ මීළඟ අරමුණ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.
ඔක්තෝබර් 20 වනදා විට අවශ්‍ය ගල් අඟුරු නොරොච්චෝලේ බලාගාරය කරා ගෙන ඒමට නොහැකි වුවහොත් දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදුවිය හැකි බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර මහතා අනතුරු හඟවයි.
Page 195 of 746