Friday, February 20, 2026
Follow Us
ප්‍රදේශ රැසකට තද වැසි

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර, දකුණු සහ බස්නාහිර පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැක.

බස්නාහිර, මධ්‍යම, දකුණු සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථාන වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව දන්වා ඇත.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Aruna