Friday, February 20, 2026
Follow Us
තරු හෝටලයේ සැප ගත්ත හිමිනම

බිල නොගෙවා හොරෙන්ම වැඩලා


කොළඹ ප්‍රධාන පෙළේ තරු පහේ හෝටලයක දින 18 ක් නවාතැන් ගෙන රුපියල් ලක්ෂ පහකට අධික බිලක් නොගෙවා පලාගොස් ඇතියි කියන හිමිනමක මහියංගණ ප්‍රදේශයේ විහාරස්ථානයක රැඳී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඊයේ (03 වැනිදා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකාර හිමිනම අගෝස්තු 31 වැනිදා කොළඹ පිහිටි තරු පන්තියේ හෝටලයක් වෙත පැමිණ දින 18 ක් එහි රැඳී සිට ඇති බව පොලිසිය පවසයි.

එලෙස හෝටලයේ රැඳී සිටින අතරතුර දී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් හිමිනම කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන තිබේ. එහිදී අදාළ හිමිනම හෝටල් පාලනාධිකාරිය වෙත දැනුම් දී ඇත්තේ තමාගේ හෝටල් බිල ගෙවන බවයි.

එනමුත් අදාළ හිමිනම ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවී මහියංගණයේ පිහිටි සිය විහාරස්ථානය වෙත ගොස් තිබේ. ඒ සම්බන්ධයෙන් හෝටලයේ පාලනාධිකාරිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර හිමිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.

Aruna