Friday, February 20, 2026
Follow Us
සුදු ළදකගේ පහස සොයා ගිය ධනුෂ්කට වෙච්ච දේ

ධනුෂ්කට ස්ත්‍රී දූෂණ චෝදනා


ශ්‍රී ලංකා කිුකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ස්ත්‍රී දූෂණ චෝදනාව යටතේ ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

කාන්තාවක විසින් එරට පොලිසිය වෙත කරන ලද පැමිනිල්ලකට අනුව ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩකයා අත්අඩංගුවට ගෙන ඇත.

මේවන විට ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 20/20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සදහා එහි ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන මෙම ක්‍රීඩකයා, කාන්තාවන් දැන හදුනා ගන්නා යෙදවුමක් (dating app) ඔස්සේ කාන්තාවක හදුනා ගෙන ඇය හොටල් කාමරයකට රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

හෝටල් කාමරය තුළදී කාන්තාව සමග අඹුසැමියන් ලෙස හැසිරී පසුව කාන්තාවට මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම කාන්තාව අදාල ක්‍රීඩකයා විසින් තමාව දූෂණ ය කළ බවට පොලිසියට පැමිනිලි කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනයද මේ වන විට මැදිහත්ව ඇති අතර, පුලුල් පරීක්ෂණයක් සිදු කිරීමට තීන්දු කර තිබේ.

ධනුෂ්ක ගුණතිලක මින් පෙරද විනය විරෝධී චෝදනා එල්ල වී ඇති ක්‍රීඩකයකි.

Aruna