වෙළඳපොලේ තවදුරටත් බිත්තර හිඟයක් පවතිනවා. නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල එලෙස බිත්තර හිඟයක් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
අසිරිමත් නත්තල උදාවීමට තවත් ඇත්තේ සතියකටත් අඩු කාලයක්. කෙසේ වෙතත් නත්තල් සැරසිලි සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි පිටකොටුව සැරසිලි ද්‍රව්‍ය අලෙවිකරුවන් පවසන්නේ.
ඊසානදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ඔසී විස්සයි විස්ස ක්‍රිකට් ලීගයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශක වශයෙන් හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම් කර තිබේ.
මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් දින 72ක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමෙන් අනතුරුව අධිකරණය මගින් ඉකුත් 16 වැනිදා ඇප නියම වූ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි ඊයේ (19) වන විටත් බන්ධනාගාරයේ රැඳී සිටියාය.
වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුගේ පුතෙකු ඔහු ආදරය කළ තරුණියගෙන් රුපියල් ලක්ෂ දෙකක කප්පම් මුදලක් ලබා ගත් බවට වවුනියාව පොලිසියට කාන්තාවක් 18 දා පැමිණිලි කොට තිබෙනවා.
ගුවන් සේවිකාවන් බඳවා ගන්නා ආයතනයක් මුවාවෙන් අන්තර්ජාලයෙන් සම්මුඛ පරීක්ෂණ පවත්වා සුරූපී තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ලිංගික අල්ලස් ගැනීමට තැත් කළ අයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාව බොරැල්ල සුසාන භූමියට ගෙන්වා ඝාතනය කර ඇත්තේ ඔහු ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ සමීපතමයකුගේ සැලසුමකට අනුව බවට ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට සැක මතුව තිබේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරුන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර අද සිට සාමාන්‍ය පරිදි අධ්‍යයන කටයුතු සදහා සහභාගි වී තිබෙනවා. එම පීඨයේ ආචාර්යවරුන් පසුගිය 13 වනදා සිට රාජකාරිවලින් ඉවත් වුණේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ ප්‍රත්‍රයාට පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින්.
ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භුමිය වෙත ගෙන්වා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරියගේ දුරකතනය ඇතුළු පුද්ගලයන් හතරදෙනකුගේ දුරකතන විශ්ලේෂණ වාර්තා වහා බොරැල්ල පොලිසිය වෙත ලබා දෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඊයේ (20) දුරකතන සමාගම් කිහිපයකට නියෝග නිකුත් කළේය.
නැවත වරක් විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළ ගණනය කිරීම් වලදී සිදු කර ඇති උපකල්පනයන් සම්බන්ධයෙන් බරපතල ගැටලු පවතින බව ලංකා විදුලිබල මණ්ඩල තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය පවසනවා.
ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් ක්‍රිකට් විස්තර ප්‍රචාරක බ්‍රයන් තෝමස් මහතාගේ දුරකතනයට කෙටි පණිවිඩයක් යොමු වී ඇත්තේ ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේදී අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත් වීමෙන් අනතුරුව බව ඒ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.
රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි පාතාල කල්ලි නායකයෙකු බව කියන කන්ජිපානි ඉම්රාන් නැමැත්තා ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය 20 නියම කළේය.
ලබන වසරේ මුල් කාල සීමාව තුළ මෙම වසරටත් වඩා වැඩි ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මෙවර උදාවෙන නත්තල නිමිත්තෙන් රටපුරා සිදුකරන සැරසිලි, විදුලි ආලෝකය, ප්‍රියසාද, සංගීත සංදර්ශන, නත්තල් කලාප නතර කර එම මුදල් රටේ අසරණ ජනතාව වෙනුවෙන් වැය කරන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙරට කතෝලික ජනතාවගෙන් සහ සියලු ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිති.
දකුණු බෙංගාලබොක්ක මුහුදුප්‍රදේශයේ පවතිනඅඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ උතුරු, උතුරු-මැද, වයඹ සහ ඌවපළාත්වල අහස වලාකුළින් පරව පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ආර්ථික මධ්‍යස්ථාන රැසක අදත් ඇතැම් උඩරට එළවළු වර්ග මිල ගණන් ඉහළ මට්ටමක පැවතියා.
බිත්තරයක් රුපියල් 50 ක මිලකට ගොවිපළෙන් අලෙවි කිරීමට තමන් තීරණය කළ බව සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.
Page 161 of 756