Sunday, February 22, 2026
Follow Us
පැන ගිය රැඳවියන් අත්අඩංගුවට

තල්දෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය තවත් රැඳවියන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

බන්ධනාගාර නිලධාරීන් හා පොලීස් නිලධාරීන් ඒකාබද්ධව ඊයේ පස්වරුවේ සිදු කළ මෙහෙයුම්වලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පළාගිය සෙසු රැඳවියන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකව පවතී.

තල්දෙන පුනුරුත්තාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 09 දෙනෙකු පළා ගියේ ඊයේ අලුයම් කාලයේදීයි.

රාමසාන් උපවාසයේ යෙදී සිටි මුස්ලිම් රැදවියන් නව දෙනෙකු එලෙස පලාගොස් තිබුණා.

ඒ අතරින් රැදවියන් දෙදෙනෙකු ඊයේ උදෑසන නැවත අත්අඩංගුවට ගත් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ .