Sunday, February 22, 2026
Follow Us
අතුරුදහන් වූ කුඩා දරුවාගේ මළසිරුර හමු වෙයි

ගාල්ල, නෙළුව ප්‍රදේශයේ දී අතුරුදන්ව සිටි කුඩා දරුවාගේ මළසිරුර සොයා ගැනීමට හැකි වී තිබේ.

නිවස අසල පිහිටි ඇළ මාර්ගයක තිබි දරුවාගේ මළසිරුර සොයාගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ඊයේ (15) පස්වරුවේ සිට දරුවා අතුරුදන්ව තිබු අතර ඔහු සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් සොදිසි මෙහෙයුම් සිදුකර තිබුණි.

ඒ අනුව අද (16) උදෑසන දරුවාගේ මළසිරුර සොයාගත් බව නෙළුව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 2යි මාස 8ක් වන පිරිමි දරුවෙකි.

සිය බිරිදගේ නිවසේ සිටියදි දරුවා ඊයේ (15) අතුරුදහන් වි ඇති බවට දරුවාගේ පියා විසින් නෙළුව පොලිසියට පැමිණිලිකොට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.