Thursday, February 12, 2026
Follow Us
Social and Equity

වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදු කරනු ලබන සැරසිලි සඳහා පොලිතීන්, ප්ලාස්ටික් භාවිත නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Social and Equity

ජර්මන් ටෙක් ආයතනයේ සිසුන් වෙනුවෙන් අත්තිඩියේ ඉදි කළ  නව සය මහල් නේවාසිකාගාර සංකීර්ණය සිසු අයිතියට පත් කිරීම පසුගියදා සිදු කෙරිණි.

Social and Equity

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් මහජනතාවගේ ගම්පියසේදීම ලබාදීම අරමුණු කොට ක්‍රියාත්මක දීප ව්‍යාප්ත ජංගම සේවා වැඩසටහන් මාලාවේ පුත්තලම දිස්ත්‍රික් වැඩසටහන  2024 ජූනි 14 හා 15 කොරියා ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

Social and Equity

ඔබ පිනක් අරමුණු කරගෙන බුදුන් වහන්සේගේ තෙමගුල උදෙසා  දන්සැලක් පැවැත්වීම සඳහා බලාපොරොත්තු වෙනවා නම්...

ඒ සදහා සපුරාලිය යුතු  අවශ්‍යතා සපුරා  නැති නම් ,  ඔබට දන්සැලක් පැවැත්වීමට සුදුසු තත්වයක් නොමැත..

Social and Equity

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ශාලා සුපරීක්ෂණයට අතිරේක නිලධාරීන් යෙදවීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Social and Equity

මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව කැස්බෑව සහ බෙල්ලන්විල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් නීති විරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” තොගයක් අත්අඩංගුවට ගත්තේය. මධ්‍යම පරිසර අධිකාරියට ලද රහසිගත තොරතුරක් මත  පසුගියදා (08) මධ්‍යම රාත්‍රියේ මෙම වැටලීම සිදුකළ අතර වැටලීමෙන් කිලෝග්රෑම් 1625ක පමණ ප්‍රමාණයක නීති විරෝධී “පොලිතීන් ලන්ච් ෂීට්” තොගයක් සොයා ගැනීමට හැකි විය.

Social and Equity

කර්මාන්ත අමාත්‍යාංශය මෙතෙක් සිදුකළ නිෂ්පාදන කර්මාන්ත ලියාපදිංචි කිරීම, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමේ ඩිජිටල් මෙහෙයුම ජනගත කිරීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍යය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.

Social and Equity

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) ඔසුසල ජාලයේ 55 වන ඔසුසල අම්බලන්ගොඩ නගරයේ දී විවෘත කෙරේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අම්බලන්ගොඩ රාජ්‍ය ඔසුසල ශාඛාව ඊයේ (11) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

Social and Equity

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කඩිනම් ක්‍රියාමාර්ග සහ උපායමාර්ගික සම්බන්ධීකරණයේ ප්‍රථිඵලයක් ලෙස, පසුගියදා (05) ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජල මාර්ගයකට ඉන්ධන ප්‍රවාහන බවුසරයක් පෙරලීම නිසා ඇතිවූ තෙල් කාන්දු වීමේ සිද්ධිය වාර්තා වූ වහාම, වෙරළ ආරක්ෂක දෙපාරතමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දූරදර්ශී නායකත්වය යටතේ වෙරළ ආරක්ෂක පුද්ගලයන්ගේ ක්ෂණික ක්‍රියාත්මක වීම මත එයට සාර්ථකව ප්‍රතිචාර දැක්වීමට හැකිව තිබේ. 

Social and Equity

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රයේ කොටස් කිහිපයක් වට්ස්ඇප් සමූහයකින් සිසු පිරිසකට මුදාහැරියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකපිට අත්අඩංගුවට ගත් කටුගස්තොට අඹතැන්න කුඩුගල ප්‍රදේශයේ පදිංචි හැට දෙහැවිරිදි උපකාරක පංති ගුරුවරයකු මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 22 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

Social and Equity

රුසියා - යුක්‍රේන යුද්ධය සඳහා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා ආරම්භ කළ විශේෂ ඒකකයට දුරකථන ඇමතුම් 77ක් ලැබී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

Social and Equity

නීති විරෝධී මාර්ග හරහා රුසියා - යුක්‍රේන යුද්ධය සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධව තොරතුරු ලබාගැනීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විශේෂ අංශයක් පිහිටුවා ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

Social and Equity
  • ආසියාතික රග්බි ශූරතාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමද ජනපති හමු වෙයි.

ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

Social and Equity

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සංවිධානය කළ නිවාස සහ ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය – 2024 (Housing & Construction International Expo – 2024) නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) එක්විය.

Social and Equity

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ගම දියුණු කරන්න බැහැ.

  • ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය ඇරඹු වැඩසටහන් සාර්ථක කර ගැනීමට දායක වන්න  – ජනපති.

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Social and Equity

11වන කිනාමි මිශිටාකා අනුස්මරණ මලල ක්‍රීඩා උළෙල මේ දිනවලදී ජපානයේදී පැවැත්වෙයි. 

Social and Equity

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල්වල පවතින අඩුපාඩු සොයාබලා ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ  (09) විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Social and Equity

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.