Sunday, April 26, 2026
Follow Us
පොලිස් ත්‍යාග මුදල් වැඩි කෙරේ

නීති විරෝධී ගිනිඅවි හා අත් බෝම්බ සම්බන්ධව නිවැරදි තොරතුරු ලබා දෙන්නන් හට ගෙවනු ලබන පොලිස් ත්‍යාග අරමුදල වැඩි කිරීමට පොලීසිය තීරණය කර තිබෙන බව පොලිීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෑත කාලීනව වාර්තා වූ අපරාධ සම්බන්ධව සළකා බැලීමේදි දිවයින තුළ නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ තව දුරටත් සංසරණය වන බවයි නිරීක්ෂණය වී ඇත්තේ .

ඒ අනුව සියලු පොලිස් නිලධාරීන් හා පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීමේ අරමුණින් මෙම පොලිස් ත්‍යාග අරමුදල වැඩි කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.