Sunday, March 09, 2025
Follow Us
දළදා දැක්මට සමගාමීව මහනුවර නගරයේ ඔසුසැල් හිමියන් දැනුවත් කෙරේ

දළඳා දැක්මට සමගාමිව මහනුවර නගරයේ ඔසුසැල් හිමියන් දැනුවත් කිරීමක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මැදිහත්වීම මත අද (07) සිදු කෙරිණි.

දන්ත  ධාතූන් වහන්සේ වන්දනා කිරීම සඳහා මහනුවර පැමිණෙන ලක්ෂ විස්සකට ආසන්න ජනතාව මත් උවදුරින් බේරා ගැනිම සඳහා රජය දියත් කොට ඇති වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක විය.

සැහැදැවතුන් තමන්ට අවශ්‍ය ඖෂධ ඔසුසැල් වලින් මිලදී ගැනීමේදී මිනිස් ජීවිතයට අහිතකර බලපෑමක් සිදුකළ හැකි ඖෂධ අලෙවි කිරීමේදී නියමිත නිර්ණායක භාවිතා කිරීම පිළිබදව වඩාත් විමසිළිමත්වීම වෙළඳ සැල් හිමියන් දැනුවත් කෙරිණි.


වෛද්‍ය නිර්දේශ සැලකිල්ලට ගැනීම, අධී මාත්‍රා ඖෂධ අලෙවියේදී විමසිලිමත්වීම සහ බාලවයස්කාර දරුවන් සඳහා ඖෂධ අලෙවි කිරීමෙන් වැළකිම ඇතුලු කරුණු රැසක් පිළිබදව මෙහිදී දැනුවත් කෙරිණි. ඔසුසැල් වෙත පැමිණෙන පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් ස්ටිකරයක් ඇලවීම ද මෙහිදි සිදුවිය.


මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දියත් වූ මෙම වැඩසටහන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් බාහිර සේවා නිලධාරී ටී.ආරියරත්න මහතාගේ මෙහෙයවීම මත මහනුවර මූලස්ථාන පොලීසිය, මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුලු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණී.