Wednesday, March 12, 2025
Follow Us
ජාතීන් අතර සුවපත් කිරීමේ ක්‍රියාවලියකට රජය නිවැරදි මැදිහත්වීම සිදු කරනවා - අමාත්‍ය (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙ
ජාතීන් අතර සුවපත් කිරීමේ ක්රියාවලියකට රජය නිවැරදි මැදිහත්වීම සිදු කරනවා - අමාත්ය (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මහතා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසයි.

සෞදි රජයෙන් ත්යාගයක් ලෙස ලැබුණු රට ඉදි මෙ.ටොන් 50 ඉතා සාධාරණව පල්ලි දෙදහස් ගණනක් අතරේ බෙදීමට හැකි වූ බවත් සඳහන් කරයි.

ජාතීන් අතර සුවපත් කිරීමේ ක්රියාවලියකට යා යුතු බවත් ඒ සම්බන්ධව රජය නිවැරදි මැදිහත් වීම සිදු කරන බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ  අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.
 
අමාත්යවරයා මේ බව පවසා සිටියේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේ දසවැනි පාර්ලිමේන්තුව සඳහා පළමු රැස්වීම 2025.03.08 දින ඒ මහතාගේ සභාපතිත්වයෙන් පැවති අවස්ථාවේදී ය. ගරු නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මහතා ද මෙම රැස්වීමට සහභාගී විය.
 
යාපනය වලිකාමම් උතුර ප්රදේශයේ ඉදිකර ඇති පන්සලක් සම්බන්ධයෙන් කාරක සභාවේදී විමසීමක් සිදු කෙරුණු අවස්ථාවේදී අමාත්යවරයා මේ බව ප්රකාශ කළේය. එම ස්ථානය නිරීක්ෂණය සඳහා පැමිණෙන බවත් ඒ අනුව වඩා සාධාරණ මැදිහත් වීමක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
 
සෞදි රජයෙන් මෙරටට ත්යාගයක් ලෙස ලැබුණු රට ඉදි මෙට්රික් ටොන් 50 ක තොගය දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පල්ලි දෙදහස් ගණනක් තුළ ඉතා සාධාරණව බෙදා දීමට මෙවර හැකි වූ බව ද අමාත්යවරයා මෙහිදී පැවසීය. මීට පෙර මෙම රටඉදි බෙදා දීමේදී අක්රමිකතා සිදුවූ බවට තමාට වාර්තා වූ බවත් ඉතිහාසයේ ප්රථම වරට ඉතා සාධාරණව සහ විනිවිදබවකින් යුතුව මෙවර එම කටයුතු සිදු කිරීමට හැකි වූ බවත් අමාත්යවරයා සඳහන් කළේය.
 
මධ්යම සංස්කෘතික අරමුදල යටතේ සංස්කෘතික සංරක්ෂණය සහ ඉදිකිරීම් සඳහා පිහිටුවන ලද පෞද්ගලික සමාගමක, කැණීම් සංරක්ෂණ සහායක තනතුරෙහි සේවය කළ සේවක පිරිසකගේ සේවය අහිමි වීම නිසා ඔවුනට සාධාරණයක් කරන ලෙස ඉදිරිපත් කළ ඉල්ලීමක් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. ඔවුන් තාවකාලිකව සේවයට ගත් පිරිසක් බව නිලධාරීහු මෙහිදී සඳහන් කළහ. කෙසේවුවද ඔවුන් සේවයේ පිහිටුවා හිඟ වැටුප් ගෙවන ලෙස ලබාදුන් අධිකරණ තීන්දුවක් නිසා රු. මිලියන 55.9ක් මධ්යම සංස්කෘතික අරමුලට ගෙවීමට සිදුව ඇති බවත් එම තීරණය සම්බන්ධයෙන් මේ වන විට මධ්යම සංස්කෘතික අරමුදල රිට් ආඥාවක් ලබා ගෙන ඇති නිසා තාවකාලිකව මුදල් ගෙවීම නතර වී ඇති බවත් මෙහිදී අනාවරණය විය.
 
නිලධාරීන් සහ දේශපාලන අධිකාරියේ නිසි මගපෙන්වීමක් නොමැතිවීම හේතුවෙන් 2012 වසරේ සේවයට ගෙන ඇති මේ පිරිස සම්බන්ධයෙන් වසර 13ක් මුළුල්ලේ නිසි පරිදි බේරුම්කරණය සිදුනොවී ඇති බවත් අමාත්යවරයා පෙන්වා දුන්නේය. පැරණි වැරදි සමග යාමට තම රජයට සිදුවූ ඇති බවත් වඩාත් බුද්ධිමත්ව ඒවා විසදීමට කටයුතු කරන බවත් අමාත්යවරයා සඳහන් කළේය.
 
ක්රිස්තියානි දේවගැතිවරුන් ලියාපදිංචි කිරීමේ අවශ්යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මෙහිදී නිලධාරීන් පැවසුවේ වසර ගණනාවක් තිබූ මෙම ගැටලුව හදුනාගෙන පසුගිය වසරේ සිට ක්රිස්තියානි නිකායන්, දේවස්ථාන සහ දේවගැතිවරුන් ලියාපදිංචි කිරීමේ ක්රමවේදයක් ආරම්භ කර ඇති බවයි. ඒ අනුව ඊට අදාළ ඉල්ලුම් පත්ර වෙබ් අඩවියේ පළ කර ඇති බවත් ඔවුහු පැවසූහ.
 
බස්නායක නිලමෙවරුන් සහ කපු මහත්වරුන්ට ලැබෙන ආදායම යම් අයුරකින් රටේ සංවර්ධනයට යොදා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ විය.
 
මෙරට මුස්ලිම් පල්ලි සහ ජුම්මා පල්ලි ලියාපදිංචි කිරීම සම්බන්ධව ද මෙහිදී අවධානය යොමු විය. මේ වසරේ හජ් වන්දනාවට බැතිමතුන් 3500ක කෝටාවක් ලැබී ඇති බවත් එක් අයෙකු සඳහා වියදම ලක්ෂ 21ක් බවත් අනාවරණය විය. මින් ලක්ෂ 3 කට ආසන්න ලාභයක් ලබා ගැනීම සාධාරණ නොවන බැවින් බැතිමතුන්ට තවදුරටත් සහනයක් ලබා දීමේ අවශ්යතාව ද මෙහිදී සාකච්ඡා විය. ඒ සඳහා පවතින හැකියාව සොයා බලා කටයුතු කරන ලෙස අමාත්යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
 
අමාත්යවරු, නියෝජ්ය අමාත්යවරු, පාර්ලිමේන්තු මන්ත්රීවරු සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.