අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා 2024 වර්ෂයේ නොවැම්බර් මස සිට සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් සෘජුවම SLIP ක්රමය මගින් අස්වැසුම ගිණුම්වලට අදාළ දීමනාව ගිණුම්ගත කරනු ලබන බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීමේ අමාත්යංශය දැනුම් දෙයි.
ඒ අනුව, අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන් හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් තැපැල්/උපතැපැල් කාර්යාල හරහා ගෙවීම් කිරීමට කටයුතු කරන අතර, 2025 වර්ෂයේ මාර්තු මස දීමනාව හා හිඟ දීමනා තැපැල්/ උපතැපැල් කාර්යාල හරහා මාර්තු 20 වන දින සිට ගෙවීමටද කටයුතු කරන බව එම අමාත්යංශය වැඩිදුරටත් දන්වයි.